ගංවතුර, නායයාම් සහ කොස්ගම හමුදා කදවුර පිපිරවීම අස්සේ ජනතාව නොදන්නා “ජාත්‍යන්තර සම්මුතියක්” නීතිගත වූ ආකාරය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 28, 2016

ගංවතුර, නායයාම් සහ කොස්ගම හමුදා කදවුර පිපිරවීම අස්සේ ජනතාව නොදන්නා “ජාත්‍යන්තර සම්මුතියක්” නීතිගත වූ ආකාරය

2016.05.18 හෝ ආසන්න දිනකලංකාවේ බොහෝ පළාත්වල ගංවතුර, නායයාම් ආදී ව්‍යසන සිදු වුණද 2015 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත අනුව නීතිය ක්‍රියාත්මක නො කරන ලදී. නොයෙක් රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ පුද්ගලයන් විසින් තමන්ට සිතෙන ආකාරයට ක්‍රියා කළ අතර, නීතියට අනුව සිදු කළ යුතු මූලික පියවර වන “ව්‍යසන තත්ත්වය” ප්‍රකාශ නො කරන ලදී.

ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත යටතේ අපදාවෙන් පීඩා විදින තැනැත්තන්ට සහන සළසනවා වෙනුවට සහ අදාල දිස්ත්‍රික්කවල “ව්‍යසන තත්ත්වය”ප්‍රකාශ කරනවා වෙනුවට 2016.05.25 දින කැබිනට් මණ්ඩලයට “ජාත්‍යන්තර සම්මුති” බලාත්මක කරන අතුරැදහන් වූ කාර්‍යාල පනත් කෙටුම්පත සදහා ඇමති මණ්ඩලයේ අවසරය ලබා ගන්නා ලදී.

එපමණක් නොව 2016.05.27 දින අතුරැදහන් වූ තැනැත්තන්ගේ කාර්‍යාල පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කරන ලදී.

ඉන්පසු 2016.06.05දින සවස කොස්ගම සාලාවේ හමුදා කදවුරද පුපුරා යන ලදී.

ඉන් පසු  2016.06.08 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් අතීතයට බලපාන පරිදි (2016.05.30 සිට බලපාන පරිදි) ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතේ 11 වැනි වගන්තියේ විධිවිධාන පරිදි බස්නාහිර, වයඹ, සඹරගමුව, උතුරැමැද, මධ්‍යම, සහ ඌව පළාත් සදහා “ව්‍යසන තත්ත්වය”ප්‍රකාශ කරන ලදී. අශ්වයා ගිය පසු ස්ථාලය වසනු ලැබුවේ අපි සියල්ල කළ බවට ජනතාවට සිතෙන ආකාරයට ය.

ඉන්පසු 2016.06.22 දින අතුරැදහන් වූ තැනැත්තන්ගේ කාර්‍යාල පනත් කෙටුම්පත රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ පළමු වර කියවන ලදී. (ව්‍යසන තත්ත්වය නිසි පරිදි කළමනාකරණය නොකිරීම සම්බන්ධව ජනතා උද්ඝෝෂණ තිබෙන අවස්ථාවේදී)

2016.08.11 වන දින VAT එකට අදාල පනත් කෙටුම්පත අධිකරණය විසින් ඉවත් කිරීමෙන් පසු එදිනට අතුරැදහන් වූ තැනැත්තන්ගේ කාර්‍යාල පනත් කෙටුම්පත සම්මත කිරීමට දමාගෙන හදිසියේ සම්මත කර ගන්නා ලදී.

මේ කරැණු නිසි පරිදි අවධානයට යොමු කිරීමෙන් අතුරැදහන් වූ තැනැත්තන්ගේ කාර්‍යාල පනත් කෙටුම්පතේ 27 වගන්තියේ දැක්වෙන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ(International Convention for the Protection of All Persons from Enforced Disappearances) ජනතාවගෙන් සහ පාර්ලිමේන්තුවෙන් සගවා නීති ගත කර ගැනීමට හැකි වූයේ කෙසේද යන්න අවබෝධ කර ගත හැකිය. සැගවුණ දේ අනාවරණය කර ගන්න………

ගංවතුර, නායයාම් සහ කදු කඩා වැටීම් සහ කොස්ගම හමුදා කදවුරද පුපුරා යාම හෝ පිපිරවීමඅස්සේ ජනතාව නොදන්නා“ජාත්‍යන්තර සම්මුතියක්” නීතිගත විය.

2016.06.08 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් අතීතයට බලපාන

ගංවතුර-3

පරිදි(2016.05.30 සිට බලපාන පරිදි) ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතේ 11 වැනි වගන්තියේ විධිවිධාන පරිදි බස්නාහිර, වයඹ, සඹරගමුව, උතුරැමැද, මධ්‍යම, සහ ඌව පළාත් සදහා “ව්‍යසන තත්ත්වය” ප්‍රකාශ කිරීම පහත දැක්වෙයි.

වැඩි දුර කියවීමට

යහපාලනය යනු තුන් බියයි, අපදා ගැන ටිංකිරි කතා එපා! නීතියට වැඩ කරනු

යහපාලනය යනු තුන් බියයි, අපදා ගැන ටිංකිරි කතා එපා! නීතියට වැඩ කරනු

බෙදුම්වාදී සිරිසේන,රනිල් නඩය රට,රණවිරුවන් බිල්ලට දිම හොර පාරෙන් පාර්ලිමේන්තුව හරහා නීති ගත කරගත් හැටි

බෙදුම්වාදී සිරිසේන,රනිල් නඩය රට,රණවිරුවන් බිල්ලට දිම හොර පාරෙන් පාර්ලිමේන්තුව හරහා නීති ගත කරගත් හැටි

“යකෝ දැන් පුපුරනවා, අම්මට …..(Digital?) නැතුව මෙතනින් දුවපියව්” අති විශේෂ හෙළිදරව්ව



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad