ඊයේ (17) දිනයේ දී මෙරට බොහෝ වයිබර් පරිශිලකයන්ට ඔවුන් ‘Win viber 2016′ නම් තරගයකින් දිනා ඇති බවට ජාත්‍යන්තර දුරකතන අංකයකින් වයිබර් පණිවුඩ ලැබී තිබුණා.මෙම පණිවුඩයේ සඳහන්ව තිබුණේ මෙරට ප්‍රමුඛ පෙළේ දුරකතන සන්නිවේදන සේවා සමාගමක ප්‍රධානියෙකු විසින් මෙම පණිවුඩය එවූ බවකි.
ඔබ ඇමරිකානු ඩොලර් 15,000 ක ත්‍යාග මුදලක් දිනා ඇති බවත්, අදාළ ත්‍යාගය ලබා ගැනීම සඳහා පණිවුඩයේ දක්වා ඇති ජාත්‍යන්තර දුරකතන අංකවලින් එකකට ඇමතුමක් ගන්නා ලෙස එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ දුරකථන සේවා සමාගම සිය ග්‍රාහකයින් වෙත කෙටි පණිවුඩයකින් දන්වා ඇත්තේ අදාළ වයිබර් පණිවුඩය හඳුනා නොගත් පාර්ශවයක් විසින් සිදුකරන ලද වංචනික ක්‍රියාවක් බවයි. ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මේ සම්බන්ධව දක්වමින් කියා සිටින්නේ සංවිධානාත්මක පිරිස් විසින් මෙවැනි වංචනික ක්‍රියාවන් සිදුකරනු ලබන බවයි.
තවද යම් හෙයිකින් අදාළ පණිවුඩයේ දක්වා ඇති දුරකතන අංකයකට ඇමතුමක් ගතහොත් ඒ සඳහා විශාල ඇමතුම් ගාස්තුවක් ගෙවීමට සිදුවන බවත්,එහිදී අයකරනු ලබන ඇමතුම් ගාස්තුවෙන් විශාල පංගුවක් එනම් සාමාන්‍ය ඇමතුම් ගාස්තුව මෙන් සියගුණයක පමණ ගාස්තුවක් මෙම සංවිධානාත්මක පිරිස් වෙත ලැබෙන බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Thursday, August 18, 2016
වයිබර් එකේ අමුතු මැසේජ් එක ඔබටත් ආවද..?
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment