ලක්ෂ 70ක හෙරොයින් සමඟ පාකිස්ථානු ජාතිකයා දැලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

ලක්ෂ 70ක හෙරොයින් සමඟ පාකිස්ථානු ජාතිකයා දැලේ

ලක්ෂ 70ක හෙරොයින් සමඟ පාකිස්ථානු ජාතිකයා දැලේ
රුපියල් ලක්ෂ 70ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ පාකිස්ථානු ජාතිකයෙක් ඊයේ (17) කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

40 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ රාත්‍රී 10.47 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 184 දරණ යානයෙන් කරච්චි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මොහු රැගෙන ආ ගමන් මල්ලේ සූක්ෂම ලෙස මෙම හෙරොයින් සඟවාගෙනවිත් ඇති බව වාර්තා වේ.

පාකිස්ථානු ජාතිකයා සමඟ ග්‍රෑම් 700 ක හෙරොයින් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගෙන ඇති අතර සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පළමු වතාවට බවට පරීක්ෂණවලදී අනාවරණවී ඇත.

කටුනායක - TKG කපිල

No comments:

Post a Comment

Post Bottom Ad