විදෙස් මුදල් සොරාගත් ඉරාන ජාතිකයින් 2ක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 27, 2016

විදෙස් මුදල් සොරාගත් ඉරාන ජාතිකයින් 2ක් අත්අඩංගුවට

විදෙස් මුදල් සොරාගත් ඉරාන ජාතිකයින් 2ක් අත්අඩංගුවට

වෙන්නප්පුව නගරයේ විදේශ මුදල් මාරු කරන ස්ථානයකින් රුපියල් 5,91,750 ක විදේශ මුදල් තොගයක් සොරකම් කර පළා ගොස් සිටි ඉරාන ජාතිකයින් දෙදෙනෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 10 වැනිදා සැකකාර විදේශිකයින් දෙදෙනා තමන් සතුව ඇති විදේශ මුදල් මාරු කර ගැනීමට යැයි පවසා පැමිණ මෙම සොරකම සිදු කර පළා ගොස් තිබු අතර ඔවුන් දෙදෙනා විසින් ඩොලර් 1000ක් සවුදි රියාල් 850ක් සහ ඩිරාම් 3000ක් සොරකම් කර ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

සොරකම සිදුවී ඇති විදේශ මුදල් මාරු කරන ව්‍යාපාරික ස්ථානයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ ද මෙම සොරකම සටහන් වී තිබූ අතර පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලින් අනතුරුව සැකකරුවන් දෙදෙනාව හඳුනා ගෙන තිබේ.

අනතුරුව ඔවුන්ට මෙරටින් පිටවීම තහනම් කරමින් මාරවිල දිසා අධිකරණය විසින් නියෝගයක් ද ලබා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad