බලංගොඩ හාගල කන්දේ ගින්නක් - අක්කර 4000ක් විනාශයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 27, 2016

බලංගොඩ හාගල කන්දේ ගින්නක් - අක්කර 4000ක් විනාශයි

බලංගොඩ හාගල කන්දේ ගින්නක් - අක්කර 4000ක් විනාශයි

බලංගොඩ, බෙලිහුල්ඔය, හාගල කන්දේ අඩි 2500ක් 3000ක් පමණ ඉහලින්වූ ලඳු කැලෑ ප්‍රදේශයේ ඊයේ (26) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ බලංගොඩ පොලිස් නිලධාරීන්, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වනජීවී කාර්යාලය, අඩවි වන කාර්යාලය හා අවට ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළත් මේ වනවිටත් ගින්න පැතිරයමින් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් අක්කර 4000ක ප්‍රදේශයක් විනාශ වී ඇති බව වාර්තා වන අතර වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීමට අපහසු බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

බෙලිහුල්ඔය, සමනලවැව සහ හිරකටුව ඔය පෝෂණය වන ජල මූලාශ‍්‍ර ද පිහිටා තිබෙන්නේ මෙම ගින්න පැතිර යන ප‍්‍රදේශයේයි.

No comments:

Post a Comment

Post Bottom Ad