සිපෙට්කෝ 2014 ලාබය මිලියන 1633යි.. 2015 පාඩුව මිලියන 18384කි..- මුදල් අමාත්‍යංශ වාර්තාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

සිපෙට්කෝ 2014 ලාබය මිලියන 1633යි.. 2015 පාඩුව මිලියන 18384කි..- මුදල් අමාත්‍යංශ වාර්තාව

2014 වසරේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 110 කට මිලදී ගෙන 2014 වසර සඳහා රුපියල් මිලියන 1633 ලාභයක් ලංකා ඛනිජ තෙල් සoස්ථාව වාර්තා කරන ලදී.

එහෙත් ලෝක වෙළෙඳපොලේ බොර තෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 28 දක්වා පසුගිය වසරේ අඩු වුවත් සoස්ථාව 2015 වසර සඳහා රුපියල් මිලියන18384 [ බිලියන 18.3] ක අති විශාල පාඩුවක් ලබා ඇති බැව් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල මුදල් අමාත්‍යාංශයේ 2015 වාර්ෂික වාර්තාවේ සඳහන් කොට ඇත.

දේශීය වෙළෙඳපොල 75% වඩා ප්‍රතිශතයක් ලංකා ඛනිජ තෙල් නිතිගත සoස්ථාව සතුව පවතින අතර ඉන්දීය ඔයිල් ලංකා සමාගම 25% වඩා අඩු ප්‍රතිශතයක් වෙළෙඳපොල තුල හිමිකරගෙන තිබෙන අතර එම සමාගම රජයට එම බදු ප්‍රමාණයම ගෙවමින් එම වසර සඳහා එනම් 2015 සඳහා මිලියන 1800 ශුද්ධ ලාභයක් ලබා ඇති බැව් එම සමාගමේ වාර්ෂික වාර්තාවලින් අනාවරනය වේ.

2015 වසරේ මෙම අමාත්‍යාංශය භාරව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කටයුතු කල අතර එහි ලේකම් වරයා ලෙස කටයුතු කරන ලබුවේ ආචාර්ය BMS බටගොඩ මහතාය,

මුදල් අමාත්‍යාංශයේ 2015 වාර්ෂික වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති අතර රජයට අයත් වානිජ ආයතන 55 සම්බන්ධයෙන් එහි විශ්ලේෂණයේ කොට ඇත. ඒ අනුව ලංකා සතොසද එම වසර සඳහා රුපියල් මිලියන 3642ක විශාල වශයෙන් පාඩු ලබා ඇත,

No comments:

Post a Comment

Post Bottom Ad