රාජිතගේ පවුල පිටින් FCID යට රනිල්ගෙන් නියෝග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 1, 2016

රාජිතගේ පවුල පිටින් FCID යට රනිල්ගෙන් නියෝග

වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න රාජිතගේ පෞද්ගලික ලේකම්වරයාට සහ රාජිතගේ බිරිද සම්බන්ධයෙන් ඇති සියලුම චොදනා පිළිබඳව ඉක්මන් වාර්තාවක් තමන් අතට ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සාගල රත්නායක පොලිස්පති පුජිත් ජයසුන්දරට නියෝග කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා. 

අර්ජුන් මහේන්ද්‍ර ඉවත් කිරිම සදහා එජාප්යේ කුමන්ත්‍රණ කණ්ඩායම වන සජිත් පිළ සමග එක්ව රාජිත කටයුතු කල බව එජාපයේ රනිල් පිළ සාක්ෂි සහිතව පෙන්වා දි තිබේ. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මැතිවරණය සඳහා ඉදිරිපත් වූ වෙනත් පක්ෂ නියෝජයනය කළ කණ්ඩායමේ ප්‍රබලයන්, රනිල් වික්‍රමසිංහ විරෝධී සජිත් පාර්ශ්වය නියෝජනය කර පිරිස් හා මේවන විට ජනාධිපති කාර්යාලයේ ඉහළ තනතුරු හොබවන පිරිසක් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සඳහා පසුගිය කාලසිමාවේ දියත් කල ‘වොටර්ස් එජ් ටීම්’කුමන්ත්‍රණය වැඩසටහනට රාජිත නියෝජනය කරමින් ඔහුගේ පුත් චතුර සේනාරත්න සහභාගි වි ඇති බවද රනිල් පිළ අනාවරණය කර තිබේ.

ඒ අනුව ඉතාමත් ඉක්මනින්ම රාජිත ඇතුලු කණ්ඩායමට එරෙහිව් නීතිය ක්‍රියාත්මක කිරිම සදහා අගමැතිවරයා කටයුතු කරනු ඇති බවත් ඒ සදහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස් මුල්‍ය අපරාධ එකකයේ ප්‍රධානින්ද අද අරලියගහ මන්දිරයට කැදවා උපදෙස් දිමට නියමිතව ඇති බවද අප අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා

අර්ජුන්ට එරෙහි රාජිතගේ මෙහෙයුම

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිල කාලය අවසන් වූ පසු ඔහුට සේවා දිගුවක් ලබාදෙන්නේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, මහා බැංකු අධිපතිවරයා පදවියෙන් ඉවත් කළ යුතුය යන්න සිය මතය බවයි.

“මම පත්කිරීමේ ඉඳලම විරුද්ධයිනේ? තමුන්නාන්සේලා විරුද්ධ වුනේ දකින්න ඉස්සෙල්ලානේ මම දකින්න කලින්ම විරුද්ධ වුනා,” ඔහු පැවසීය. “2002 ආණ්ඩුවේ තිබුණු තත්ත්වය අනුව කැබිනට් මණ්ඩලයට ඕක ආපු වෙලාවෙම මම විරුද්ධ වුනා. කොහොම හරි යහපාලන රජය යහපාලන තීන්දුවක් ගනීවි. සේවා දිගුවක් ලබා දෙන එකක් නැහැ කියන එකයි මගේ මතය.”


කෙසේ නමුත් මහා බැංකු අධිපති ධුරයේ වෙනසක් සිදු නොවනු ඇති බවයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මීට ඉහතදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad