'විනිවිදභාවයෙන් කටයුතු කරනවානම් චක්‍ර ලේඛණවලට බියවියයුතු නෑ' - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 1, 2016

'විනිවිදභාවයෙන් කටයුතු කරනවානම් චක්‍ර ලේඛණවලට බියවියයුතු නෑ'

'විනිවිදභාවයෙන් කටයුතු කරනවානම් චක්‍ර ලේඛණවලට බියවියයුතු නෑ'
රාජ්‍ය නිළධාරියෙකු සතුවියයුතුම දෙය විනිවිදභාවය බවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රාජ්‍ය නිළධාරීන්ගෙන් බලාපොරොත්තුවන්නේ ද එලෙස විගණනයකට යටත්වීම බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය නිලූකා ඒකනායක මහත්මිය ප්‍රකාශ කරයි.

ආණ්ඩුකාරවරිය මේ බව ප්‍රකාශ කළේ අද (01) මහනුවර දී 19වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පැමිණි විගණන සේවා කොමිෂන් සභාවට අදාළව විගණකාධිපතිපරයාට පැවරී ඇති නව බලතල පිළිබඳව රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමට දීප ව්‍යාප්ත වශයෙන් පවත්වනු ලබන රැස්වීම් මාලාවේ මධ්‍යම පළාත් රැස්වීම අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය, “ වගකීම් ඇති ජාතියක් හැටියට, වගකීම් ඇති ආණ්ඩුවක් සාමාජිකයෙක් හැටියට මම ඇසිඩ්වලට බය නෑ. වෙනත් දේවල්වලටත් බය නෑ. 

ඒක නිසා වගකීම් යුතුකම් මැනවින් අවබෝධ කරගෙන යාමට අපේ හිටපු විගණනාධිපතිතුමත් දැන් ඉන්න අයත් මධ්‍යම පළාතේ දේශපාලන අධිකාරියත් මහජන දේපළ වල වටිනාකම්, මහජනයාගේ මුදල්වලින් ජීවත්වන බව අවබෝධ කොටගෙන නිසියාකාර වගකීමකින් විනිවිදභාවයකින් කටයුතු කරන මෙන් ඉල්ලනවා” යි කීවාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියාසිටියේ තමා විගණනයකට යටත් වී විනිවිදභාවයකින් යුතුව රාජකාරී කරන්නේ නම් කිසිවෙකුටවත් චක්‍රෙල්ඛණ ඉදිරියේ බියවීමට සිදුනොවන බවයි.

මහනුවර - කමල් සුරවීර

No comments:

Post a Comment

Post Bottom Ad