බාධක මැද නුවන් ප්‍රදීප් සමඟින් එරංග එංගලන්තය සීමා කළ හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

බාධක මැද නුවන් ප්‍රදීප් සමඟින් එරංග එංගලන්තය සීමා කළ හැටි (VIDEO)

එංගලන්තයේ ලොඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එංගලන්ත - ශ්‍රී ලංකා තුන්වන සහ අවසන් එක්දින තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට ඊයේ (12) දිනය වනවිට ලකුණු 362ක ඉලක්කයක් හිමිව තිබේ.

තරඟයේ පළමු ඉනිමේ දී එංගලන්තය ලකුණු 416ක් රැස්කළ අතර, ශ්‍රී ලංකා පිලට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 288ක් පමණි. අනතුරුව එංගලන්ත කණ්ඩායම කඩුලු 7කට ලකුණු 233ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම  අත්හිටුවීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එරංග සහ නුවන් ප්‍රදීප් පන්දු යැවීමේ දී කඩුලු 3 බැගින්  හිමිකර ගත් අතර ඊයේ තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 32ක් ලබා සිටියේ ය. මේ අතර ඊයේ නිපන්දුවක් හේතුවෙන් කඩුල්ලක් අහිමි වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කළමණාකාරීත්වය තරග තීරකවරයාට පැමිණිලි කර තිබේ.

මෙම සිදුවීමට විරෝධය දැක්වීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය ජාතික ධජය වන සිංහ කොඩිය පවා යොදා ගෙන ඇත. නුවන් ප‍්‍රදීප් විසින් යවන ලද පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ලකුණු 58 ක් ලබා සිටිය දී දැවී ගියේය.

එහෙත් එම අවස්ථාවේ ප‍්‍රධාන විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් සිටි  ඕස්ටේ‍්‍රලියානු ජාතික විනිසුරු රොඩ්නි ටකර් මහතා විසින් එම පන්දුව නිපන්දුවක් ලෙස නම්කරනු ලැබීම හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරුවාට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටිය හැකිවිය.

එයට විරෝධය පළ කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක සහ පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් යන මහත්වරු තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා හමුවී සිදුවීම ගැන පැමිණිලි කර ඇති අතර එපමණකින් නොනැවතුණ ශී‍්‍ර ලංකා කණ්ඩායම තමන්ගේ ජාතික කොඩිය වන සිංහ කොඩිය ද විනාඩි 45 ක පමණ කාලයක් ලෝඩ්ස් පිටියෙහි කී‍්‍රඩක විවේකාගාර සඳලූතලයේ අමුණා තබා තිබේ.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න....



No comments:

Post a Comment

Post Bottom Ad