සමලිංගික සමාජශාලාවක වෙඩි තැබීමක් - 50ක් මරුට (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

සමලිංගික සමාජශාලාවක වෙඩි තැබීමක් - 50ක් මරුට (VIDEO)

අමෙරිකාවේ ඔලැන්ඩෝහි සමලිංගික රාත්‍රී සමාජශාලාවක සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 50ක් මියගොස් 53 දෙනෙකු තුවාල ලබා තිබේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී සමාජශාලාව තුළ පුද්ගලයින් 300ක් පමණ රැඳී සිටි බව පැවසෙන අතර අමෙරිකා එක්සත් ජනපදය තුළ සිදු වූ දරුණුතම සමූල ඝාතනක් ලෙස මෙය ඉතිහාසගතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවක්කුකරු අදාළ සමලිංගික සමාජශාලාවට ඇතුළු වී වෙඩි තැබීමෙන් අනතුරුව එහි සිටි පිරිස ප්‍රාණ ඇපයට ගෙන ඇති බව දැනගත් පොලීසිය විසින් දියත් කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව අදාළ අපරාධකරුට ද වෙඩි තබා ඝාතනය කිරීමට සමත් වී තිබේ.

තුවක්කුකරු ISIS ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකු බවට මාධ්‍ය වාර්තා පළ වී ඇති අතර එය නිළ වශයෙන් කිසිවෙකු දැනුම් දී නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් තුවක්කුකරු ඔමාර් මතීන් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකු බව අමෙරිකානු ආරක්ෂක අංශ අනාවරණය කර තිබේ.

වීඩියෝ
සහ ඡායාරූප පහතින්...



















No comments:

Post a Comment

Post Bottom Ad