කිරිකැටියා මරා දැමූ පෙම්වතා ගැන මවගේ පාපොච්චාරණය මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

කිරිකැටියා මරා දැමූ පෙම්වතා ගැන මවගේ පාපොච්චාරණය මෙන්න (VIDEO)

වයස අවුරුදු 2ක් පමණ වන කුඩා දරුවෙකු කොසු මිටෙන් පහර දී ඝාතනය කල සැකකරුවෙකු මහියංගනය පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ දරුවාගේ මව විසින් කළ පාපොච්චාරණයකින් අනතුරුව ඝාතකයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. 26 හැවිරිදි විවාහක සැකකාර කාන්තාව සැමියා සමග ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් අදාළ දරුවා සමග නිවසින් බැහැරව ජීවත් වී ඇති අතර එම කාලසීමාවේ දී ඇය සැකකරු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා තිබේ.

අදාළ සැකකරුගේ අතෙහි මියගිය දරුවාගේ නිය පොතු ගැටීමේ සිද්ධියක් මුල් කරගනිමින් සැකකරු විසින් දරුවාට කොසු මිටෙන් පහර දී ඝාතනය කළ බවට දරුවාගේ මව පොලීසියට ප්‍රකාශ කර ඇත.  


සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව පොලිසීයට කරන ලද ප්‍රකාශය පහතින්.

" මම රැකියාවක් ලෙස නවගමුව ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක සේවය කලා. 2015 දෙසැම්බර් මාසයේ සිට 2016 මාර්තු 16 වන දින දක්වා සේවය කලා. ඒ ආයතනයෙන් පඩි හරියට ගෙව්වේ නැති හින්දා මම ඒ ආයතනයෙන් අස් වුණා. එහෙම අස්වෙලා මම වෙනත් කොහෙවත් වැඩකට යන්නේ නැතිව මගේ වයස අවුරුදු දෙකක පුතා එක්ක ගොඩගම හංදිය අසල කුලියට ගත්ත තනි කාමරයක නැවතිලා හිටියා.

බෝඩිම තට්ටු දෙකේ එකක් අපි හිටියේ උඩ තට්ටුවේ කාමරයක. මගේ පුතා එක්ක මම තනියම. ඒ කාමරයේ හිටියේ කලින් වැඩකරද්දි ඉතුරු කරපු සල්ලි ටිකක් තමයි අපි දෙන්නාට ජිවත් වෙන්න තිබ්බේ. මේ ඉන්න අතර කාලයේදී මම මීගොඩ ප්‍රදේශයේ පදිංචි කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වුවා.

දවසක් (2016.05.07) රෑ 11.00 විතර එයා මගේ බෝඩිමට ආවා. පහුවදා උදේ 7.00 විතර නැගිටලා එයා කිව්වා මගේ ටී ෂර්ට් එකේ කොලර් එක ඉරිලා ඒක හදලා දෙන්න කියලා. දරුවයි එයයි බෝඩිමේ ඉද්දි මම ගොඩගම හංදියට ගිහින් ටී ෂර්ට් එකේ කොළරය මහන්න බැලුවා. මහන තැන් ඔක්කොම වහලා තිබ්බේ ඒ වෙලාවේ. ඒ නිසා මම නැවත බෝඩිමට ආවා.

ඒ එනකොටත් පුතායි එයායි බිම නිදාගෙන සිටියේ. මම ඇවිත් තේ හදලා පුතාටයි එයාටයි කතා කලා. ඒ වෙලාව උදේ 08.00 විතර ඇති. තේ බීලා ඉවර වෙලා මගේ පුතා කාමරය ඇතුලේ සෙල්ලම් කරමින් සිටියා. ඒ සෙල්ලම් කරමින් ඉන්නකොට පුතාගේ අතේ තිබු සෙල්ලම් ප්ලේන් එක වයින් කරලා ඉස්සරහාට යැවුවා. ඉස්සරහාට ගිය සෙල්ලම් ප්ලේන් එක එයා අතට අරගෙන පුතාගේ අතට ගෙනල්ලා දුන්නා. එතකොට පුතාගේ අතේ නියපොතු වලින් එයාගේ අත සීරුනා.

ඒ වෙලාවේ අතින් පහරවල් පහ හයක් හයියෙන් ගැහුවා. ඒ වෙලාවේ මම දරුවා ලගට ගිහිල්ලා දරුවාට ගහන්න එපා කියලා දරුවා අල්ලා ගත්තා. එයා මාව තල්ලු කරලා දාලා කාමරයේ ඇද යට තිබුණු කොසු මිටක් අරගෙන මගේ පුතාගේ පිට ප්‍රදේශයට සහ බඩ පැත්තට හයියෙන් පහරවල් කිහිපයක් ගැහුවා. ඒ එක්කම මගේ පුතා බිම ඇදගෙන වැටුනා. ඊට පස්සේ මම පුතාව උස්සලා අරගෙන ඇදෙන් තියලා පුතාගේ කටට කට තියලා හුස්ම ගැනිමට උත්සාහ කලා. වැඩක් උනේ නැහැ.

මම ඊට පස්සේ දැක්කා පුතාට ගහපු පහරවල් නිසා පුතාගේ බඩ ප්‍රදේශයේ සහ මූණ ප්‍රදේශයේ තැලිම් තුවාල තියෙනවා දැක්කා. ඒ එක්කම ටික වෙලාවක් යනකොට පුතාගේ කටින් රතුපාටට ලේ එන්න ගත්තා. ඒ වෙලාවේ මම හයියෙන් කෑගැහුවා. ඒ කෑ ගහනකොට එයා මට තර්ජනය කරලා කිවුවා මරණවා කියලා.

ඊට පස්සේ මම දරුවාත් අරගෙන යනවා කියලා යන්න ලෑස්ති වුණා. ඒ වෙලාවේ වේලාව 9.30ත් 10.00 විතර වගේ.  ඒ වෙලාවේ එයා ගෙදරින් යන්න ගියා.

මම මගේ දරුවා අරගෙන රෝහලකටවත් ගියේ නැත්තේ මට ගහයි මරයි කියන බය හින්දා. මම දරුවා තියාගෙන බෝඩිමේ ඉන්න කොට 11.30ත් 12.00ත් අතර කාලයේදි ඒයා ආපහු බෝඩිමට ආවා. ඒ ඇවිල්ලා "මේක කාටවත් කියන්න එපා කිවුවොත් පවුලේ අයත් සේරම එක්ක මම හිරේට යනවා. ගිහිල්ලා අවුරුදු පහකින් හරි එලියට ඇවිත් උඹලා සේරම මරණවා " කියලා ආපහු තර්ජනය කරා.

අපි දෙන්නාම බෝඩිමේ රෑ වෙනකම් දරුවා තියාගෙන හිටියා. අපි දෙන්නා එකතුවෙලා මගේ පුතා පැනල් රෙදි කෑල්ලක ඔතාගෙන වඩාගෙන පයින් ටික දුරක් ගිහිල්ලා ගොඩගම හංදියේදි ත්‍රී වීල් එකක නැගලා විමුක්තිලාගේ ගෙවල් පැත්තට ගියා. ඒ ගිහින් ත්‍රී වීල් එක ආපහු එවුවා.

එයාලාගේ ගෙවල් අසල පාලූ නිවසක් ලගට ගියා. ඒ ගෙදර බැම්මක් අයිනෙන් ටික දුරක් යන කොට ඒ අසලම පොල් ගස් දෙකක් තියෙනවා. එයා උදැල්ලකුත් අරගෙන ඇවිත් පොල් ගස් දෙක අතරින් බැම්ම අයිනේ අඩි තුනක් විතර වලක් කැපුවා.

එයා ඒ වල කපලා මගේ අතේ හිටිය දරුවා ඇරගෙන දරුවා වලට දාලා පස් දාලා වහලා දැම්මා. දරුවා ඔතාගෙන ගිය පැනල් රෙදි කෑල්ල මම නැවත ගෙදර ගෙනාවා. ඒ රෙදි කෑල්ල දැනට කොට්ටාව බෝඩිමේ තියෙනවා.

අපි 8.00ත් 09.00ට විතර ආපහු බෝඩිමට ආවා. එදා රෑ අපි දෙන්නා බෝඩිමේ ඉදලා පහුවදා මගේ රෙදි ටිකත් අරගෙන මම පිටත් වූණා. ඒ එක්කම එයා ගෙදර යනවා කියලා යන්න ගියා. ගෙදර යන්න එපා කියලා මට කොට්ටාව පැත්තේ බෝඩිමක් හොයලා දුන්නා. මම ඒ බෝඩිමේ නැවතිලා ඒ ලග අදුම් මහන තැනක ඇදුම් මහන්ඩ ගියා.

මම ඒ බෝඩිමේ ඉන්නවාද නැද්ද කියලා බලන්නත් එයා දවස් දෙකකට තුනකට සැරයක් ඇවිත් සොයලා බලනවා.ඒ බෝඩිමේදි අපි දෙන්නා එකට හිටියේ නෑ. මාගේ පුතා පහරදි මරා දැම්ම එක මම මගේ පුරුෂයාටවත් මගේ ගෙදර අයටවත් වෙනත් ඥාතියෙකුටවත් කිවුවෙ නෑ.

මගේ විවාහක පුරුෂයා මට දුරකතනයෙන් කතා කරලා පුතා කෝ කියලා නිතර නිතර අහන්න ගත්තා. ඒ වෙලාවට මම පුතා නිදි කියලා බොරුවට කියනවා. ඔය අතරෙදි 2016.06.08 වන දින මහත්තයාට මම මිස් කෝල් එකක් ගැහුවා. ඒ වෙලාවේ මහත්තයා මට කෝල් එකක් ගත්තා. ඒ වෙලාවේ මම අපේ පුතා දැනට ජිවතුන් අතර නැහැ කියලා කිවුවා.

මහත්තයා මගෙන් විස්තර කරලා ඇහුවා. ඊට පස්සේ මම කිවුවා දරුවා පඩි පෙලින් වැටිලා මිය ගියා කියලා. ඒ මිය ගියාට පස්සේ මට ඇති වුණු බය නිසා මම දරුවා අරගෙන ගිහින් කැළණි ගඟට විසිකරා කියලා බොරුවට කිවුවා.  ඉන් පස්සේ තමයි මහත්තයා මාව හොයාගෙන කොළඹට ආවේ.

දරුවා ගැන මම එයාට කිව්වා. එයා කිවුවා මිරිහාන පොලිසියට යමු කියලා. එයා මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කිරිමට ගිය බවත් දැනුම් දුන්නා. ඊට පස්සෙ මම කිවුවා අපි මහියංගනයට යමු කියලා. පස්සේ අපි සවස කොළඹ බිබිල බස් එකෙන් ගෙදරට ආවා. ඒ ගෙදර ඇවිල්ලා ඉන්න කොට පොලිසියෙන් ඇවිල්ලා මාව මහියංගනය පොලිසියට එක්කර ගෙන ආවා. ඒ ඇවිල්ලා මගෙන් ප්‍රශ්න කළා.  ඉන් පසු මගේ දරුවාට සිදු වු සත්‍ය දෙය මම පොලිසියේ නිලධාරින්ට දැනුම් දුන්නා."


No comments:

Post a Comment

Post Bottom Ad