වාහන මිල ස්ථාවර වෙයි - අයවැයෙන් වාහන මිල ඉහළ නොයන ලකුණු (VIDEO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

වාහන මිල ස්ථාවර වෙයි - අයවැයෙන් වාහන මිල ඉහළ නොයන ලකුණු (VIDEO) 

වාහන මිල ස්ථාවර වෙයි - අයවැයෙන් වාහන මිල ඉහළ නොයන ලකුණු (VIDEO) 
සියලු දෙනාටම වාහනයක් මිලදී ගත හැකි ආර්ථිකයක් ගොඩනඟන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.මෝටර් රථ ආනයනකරුවන් සමඟ අද (11) පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේය. 

කොතරම් කාලයකින් එසේ වාහනයක් ගැනීමට හැකිදැයි මාධ්‍යවේදීන් එහිදී ප්‍ර‍ශ්න කළ විට ඇමතිවරයාගෙන් සඳහන් කළේ "ගිනි ගොඩවල් තමයි තියෙන්නේ ඒ ගිනි ‍ගොඩවල් ටික නිවුණාම ඉක්මනට ගන්න පුළුවන් වෙයි" 

නැවතත් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේ "මේ ආණ්ඩුවෙන් පුෂ් බයිසිකලයක්වත් ගන්න බෑ කියා" කියනවා යැයි කියද්දී ඒ කියන උදවිය තමයි ඔය ජපානයට ගිහින් ඉන්නේ යැයි ඇමතිවරයා පිළිතුරු දුන්නේය.

අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වූ වාහන ආනයනකරුවන්ගේ සංගම් දෙකම කියා සිටියේ නව බදු සංශෝධනය තුළින් වාහන මිල ස්ථාවර වන බවයි. ශ්‍රී ලංකා  වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා එහිදී පැවසුවේ අවුරුදු 35ක් තිස්සේ නිශ්චිතව නොපැවැති බදු ක්‍රමයක් මෑතකදි සිදුකළ බදු සංශෝධනය නිසා ස්ථාවර වූ බවයි.

එය අවම වශයෙන් අවුරුදු 2ක් වත් ඉදිරියට පවත්වාගෙන යාම අරමුණ බවද එසේම රේගුවේ ඇති වාහනයක් දින 3ක් ඇතුළත නිදහස් කර ගැනීමේ හැකියාව ලබාදීමට ඇමතිවරයා සමග අද පැවැති සාකච්ඡාවේදී එකඟතාවය පළවූ බවද හෙතෙම පැවසීය.

ඉදිරි අය වැයෙන් වාහන මිල ඉහළයාමක් සිදුනොවන බවට ඇමතිවරයා පොරොන්දු වුයේ යැයිද ඔහු කීවේය. මාධ්‍ය හමුව ඇමතු ලංකා  වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා කියා සිටියේ රේගු තීරු ගාස්තු නිශ්චිත කිරීමක් බදු සංශෝධනයෙන් අපේක්ෂා කළ බවයි.

එසේම වාහන මිලට අදාළව අංක වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ මුදල් අමාත්‍යංශයට බවත් රජයේ එකඟතාවයන්ට අනූව සංගම් කටයුතු කරන බවත් ඔහු පැවසී ය. ඇමතිවරයා‍ සමග අද පැවැති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණවලින් පා‍රිභෝගික ජනතාවට ලැබුණ වාසිය කුමක්දැයි මාධ්‍යවේදීන් ඇසූවිට ඔවුන් කියා සිටියේ වාහන වෙළඳපොළේ අස්ථායිව පැවැති වාහන මිල ගණන් ස්ථාවර මට්ටමකට පත්වීම තුළින් පාරිභෝගිකයාට වාසි සැලසෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad