මේ මාසයේ තීරණාත්මක තීන්දු දෙකක්!  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

මේ මාසයේ තීරණාත්මක තීන්දු දෙකක්! 

මේ මාසයේ තීරණාත්මක තීන්දු දෙකක්! 
තීරණාත්මක කරුණු දෙකක් හේතුවෙන් දේශපාලන දැඩි කතාබහක් ඇති වී ඇතැයි වාර්තා වේ. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර‍න් මහතාගේ ධූර කාලය ජුනි මාසයෙන් අවසන් වීම හා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණයක් ගැනීමට සිදුවී තිබීම නිසා මේ මාසය තීරණාත්මක මාසයක් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ගේ මතය වී තිබේ.

බැඳුම්කර නිකුත් කිරීමේ දී සිදු වු බව කියන සිද්ධි හේතුවෙන් අර්ජුන් මහේන්ද්‍ර‍න් මහතා යළි එම තනතුරට පත් නොකරන ලෙසට රජයේ මැති ඇමතිවරුන් පිරිසක් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය හා සිවිල් සංවිධාන ගණනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බැවින් ඒ පිළිබඳ තීරණයක් ගැනීමට රජයට සිදු වී ඇතැයි වාර්තා වේ.

මේ අතර මුදල් ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මැති ඇමතිවරුන් ඡන්දය භාවිත කිරීමට එකඟවී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා යළි පත් නොකිරීමේ එකඟතාව මත බව වාර්තා වේ.

මීට අමතරව මාස 6කින් කාලය දීර්ඝ කරනු ලැබූ පළාත් පාලන ආයතන 32ක නිල කාලය ජුනි මාසයෙන් අවසන් වේ. පළාත් පාලන ආයතන 172ක්ද විසුරුවා හැර මේ මාසයට වර්ෂයක කාලයක් සපිරේ. මේ මූලික කරුණු දෙක නිසා ජුනි මාසය රජයට තීරණාත්මක මාසයක් වී ඇතැයි දේශපාලන විචාරකයින් පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad