කොස්ගම පිපිරීම ගැන පුද්ගලයින් රැස‍කගෙන් ප්‍රශ්න කරයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

කොස්ගම පිපිරීම ගැන පුද්ගලයින් රැස‍කගෙන් ප්‍රශ්න කරයි 

කොස්ගම පිපිරීම ගැන පුද්ගලයින් රැස‍කගෙන් ප්‍රශ්න කරයි 
කොස්ගම - සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදූ වූ පිපුරුම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 40 වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේ එහි මූලික විමර්ශන ආරම්භ කළ අතර සිද්ධිය පිළිබඳව ප්‍රකාශ ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ. සිද්ධිය ඇති වූ අවස්ථාවේදී හමුදා කඳවුර තුළ සේවය කරමින් සිටි හමුදා සාමාජිකයින්ගෙන් පමණක් මෙම ප්‍රකාශ ලබාගත් බව වාර්තා වෙයි.

අදාළ සිද්ධිය පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ පිළිබඳ වෙනමම පරික්ෂණයක් සිදු කරනු ලබයි. කෙසේ වෙතත් සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරිම පිළිබඳ ස්ථානීය පරීක්ෂණ ලබන සතියේදී ආරම්භ කරන බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad