අවුරුදු 10ට බැසිල් කෝටි 700 ක් ගිලලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

අවුරුදු 10ට බැසිල් කෝටි 700 ක් ගිලලා

පසුගිය රජය සමයේ සිය පෞද්ගලික කටයුතු සඳහා රුපියල් කෝටි 700 කට අධික මුදලක්‌ බැසිල් රාජපක්ෂ වැය කළ බව කියන සිද්ධියට බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් පවත්වන ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගය සඳහා හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සහභාගීවුනා.

පසුගිය රජය සමයේදී බැසිල් රාජපක්‍ෂ මහතා සිය දේශීය මෙන්ම විදේශ ගුවන් ගමන් සඳහා වැය කළ මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම මගින් විමර්ශනයක්‌ කළා. තම නිවසේ සේවය සඳහා ත්‍රිවිධ හමුදාවේ සෙබළුන් යොදා ගැනීම, ඒ සඳහා ඔවුන්ට වැටුප් ලබාදීම සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 14 ක්‌ සිය පෞද්ගලික කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් සිදුවී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා ජනාධිපති කොමිසම විසින් විමර්ශනය කරන කළා.


විමර්ශනයෙන් අනාවරණය වී තිබුණේ වසර පහක කාලසීමාවක්‌ තුළ දී බැසිල් රාජපක්‍ෂ මහතා රුපියල් කෝටි 700 කට අධික මුදලක්‌ සිය පෞද්ගලික කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad