'මැති ඇමතිවරුත් පූර්වාදර්ශයක් වෙන්න' - රන්ජන් නිලරථ ගැන කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

'මැති ඇමතිවරුත් පූර්වාදර්ශයක් වෙන්න' - රන්ජන් නිලරථ ගැන කියයි (VIDEO)

'මැති ඇමතිවරුත් පූර්වාදර්ශයක් වෙන්න' - රන්ජන් නිලරථ ගැන කියයි (VIDEO)
අපේ මැති ඇමතිවරුත් ජනතාවට පටි තද කරගන්න කිව්වට ඔවුන් සියලු දෙනාත් පූර්වාදර්ශයක් විය යුතු බව සමාජ සවිබලගැන්වීම හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. 

මහින්ද රාජපක්ෂ රජය සමයේ ශ්‍රීලංකන් ආයතනයේ පාඩුව වෙනුවෙන් රටේ එක් පුරවැසියෙකු රුපියල් 26,000ක් ණය වී ඇති බවත් එනිසා වසර 10ක්වත් සියලු දෙනා සරල ජීවිතයක් ගත කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

අළුත් වාහන ඉල්ලීමට අවස්ථාව ලැබුණේ මීට මාස 2කට පෙර බවත් තමා පරණ වාහන දෙකක් ඉල්ලා අළුත් වාහන අවශ්‍ය නැති බව දැන්වූ බවත් ඔහු සඳහන් කළේය. ජනතාවට ආදරේ නම් ආගමික නායකයින් පවා යම් යම් කැප කිරීම් සිදු කළ යුතු බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා ජනාධිපති අරමුදලද පසුගිය රජය සමයේ අවභාවිත කර ඇති බවයි.  

රාජපක්ෂ ටැක්ස් කියලා ජනතාවගෙන් බදු අයකිරීම වැරදි බවත් රාජපක්ෂලා හොරකම් කලා නම් එය අයකර ගත යුත්තේ රාජපක්ෂලාගෙන්ම බවත් රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad