රෝගීන්ගේ අත්කඩන නර්ස් නෝනා ගැන ඔබත් දන්නවාද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

රෝගීන්ගේ අත්කඩන නර්ස් නෝනා ගැන ඔබත් දන්නවාද?

නෙළුබෑව රජයේ රෝහලට ගිය  ආතරයිටිස් රෝගය හේතුවෙන් දකුණු අත දිගහැර ගැණිමට නොහැකිව පීඩා විදින තිදරු මවකගේ දකුණු අත රුධිර පීඩනය මැණිමට බව පවසා හෙදියක් බලහත්කායෙන් ඇද කඩා දැමීම හේතුවෙන් ඇය ප්‍රතිකාර සදහා අනුරාධපුර  ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හෙදියගේ හිංසාවට ලක්වීමෙන් දකුණු අතේ අස්ථි බිදියාමෙන් ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇත්තේඅංක 16 එගොඩගම ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචිව සිටින තිදරු මවක් වන ඒ.එම්.ජේ මැණිකේ (59) මහත්මියයි.අතේ වැලමිට අසලින් අස්ථි බිදියාම නිසා ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පසුගිය 11 වනදා ඇයගේ පාදයේවූ සුළු තුවාලයක් හේතුවෙන් කොන්දේ කැක්කුමක් හා උණ වැලදීම නිසා අනුරාධපුර නෙළුබෑව ග්‍රාමිය රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා ගොස් තිබෙනවා. එම අවස්ථාවේ අතකඩා දැමු අකාරුණික හෙදිය රාජකාරියේ නිරතව සිට ඇති අතර දෙස්තර මහත්තයා ගෙදර යන්න හදන්නේ ඉක්මනට එනවා බෙහෙත් ඕනනම් ප්‍රෙෂර්බ ලන්න කියමින් ඇයව ඇඳකට නග්ගවා තිබේ.

 අනතුරුව ප්‍රෙෂර් බැලීම සදහා දකුණු අත දිගහරින ලෙස උපදෙස් දුන් අවස්ථාවේ ඇය පවසා ඇත්තේ වසර 16 සිට ආතරයිටිස් රෝගයෙන් පීඩා විදින තමන්ට එම අත මුළුමනින්ම දිග හැරීමට නොහැකි බවයි.එම නිසා වම් අත භාවිතා කර රුධිර පීඩනය මනින ලෙස ඉල්ලා තිබේ. “අත දිග අරින්න බෑ කිවුවම හුරතල් වෙන්න එපා කියා ආතරයිටිස් රෝගය නිසා වසර දහසයක් හරි හැටි දිග හැරිමට නොහැකිව තිබු අත බළහත්කාරයෙන් මුළුමනින්ම ඇද දිගහැරියා. 


අතේ වැලමිට දෙසින් කටස් යනුවෙන් ශබ්දයක් ආවා. ඒ එක්කම මම හයියෙන් කෑගැසුවා.මගේ ඇස් නිලංකාරවෙලා ක්ලාන්තය වගේ හැදුනා. ඊට පස්සේ මගේ අතේ වැලමිට හොදටම ඉදිමුණා. මම කිවුවා මගේ අත රිදෙනවා කියලා. ආ වැලමිටේ සැරව ගෙඩියක් ඇවිල්ලා තියෙන්නේ කිවුවා. මාව එදා රෝහලේ නවත්ත ගත්තා අත රිදෙනවා කිවුවා. නමුත් කිසිම ගානකට ගත්තේ නෑ කෑගහන්නැතුව නිදා ගන්න කියලා රෝහල් කාර්ය මංඩලය මට සැරකරා. 

පසුදින (12) මගේ මුත්‍රා අවපැහැයි කියලා ගිලන් රථයකින් අනුරාධපුර රෝහලට එව්වා. ඊට පස්සේ දැන් ඉන්න වාට්ටුවේ වෛද්‍යතුමා මගේ අතේ එක්ස් කිරණ වාර්තාවක් ගත්තා අත පුපුරලා කියලා ශෛල්‍යකර්යක් සිදුකලා.මම බෙහෙත් ගන්න ගියේ උණයි කොන්දෙ අමාරුවටයි.නමුත් මට අන්තිමේදි අතත් කඩා ගන්න සිද්ධවුණා.මගේ අතේ අස්ථි කැඩිලා තිබ්බේ නෑ. ආතරයිටිස් නිසා අත හරියට දිග අරින්න බැරුව හිටියේ. ඒ අතදිග අරින්න බෑ කියන කොට තමයි හෙදිය අත ඇදලා කඩලා දැම්මේ. 

මම අවුරුදු 16 ක් විතර අනුරාධපුර රෝහලේ සායනයෙන් ආතරයිටිස්වලට ප්‍රතිකාර ගන්නවා. හෙදිය කරපු දෙයින් මගේ දරුවන්ට තමයි කරදරේ“ හෙදිය විසින් හිතාමතා අකාරුණික ලෙස මවට සිදුකල හිරිහැරය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට පැමිණිලි කරන බව ඇගේ දරුවන් පැවසුවා. මෙම හෙදිය රෝහලට පැමිණෙන රෝගීන්ට බැන වදිමින් ඉතා අකාරුණික ලෙස කටයුතු කරන බව අවස්ථා ගණනාවකදීම වාර්තාවු බවයි පැවසෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad