වාහන එකලස් කිරීමේ කම්හලක් හම්බන්තොටට (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

වාහන එකලස් කිරීමේ කම්හලක් හම්බන්තොටට (VIDEO)

වාහන එකලස් කිරීමේ කම්හලක් හම්බන්තොටට (VIDEO)
මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට හම්බන්තොට ප්‍රදේශයෙන් භූමියක් වෙන්කර දෙන බවටත් විවිධ වර්ගයේ මෝටර් රථ ලංකාවට ආනයනය කොට එහි රඳවා ගෙන ප්‍රතිඅපනයනය කිරීමට අවශ්‍යය කටයුතු ඉක්මනින් සලසා දෙන බවටත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනිකයින්ගේ සංගමයේ සභාපති මහින්ද සරච්චන්ද මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (12) මෝටර් රථ සඳහා තීරු ගාස්තු අයකිරීමේ ක්‍රමවේදය සංශෝධන කිරීම හේතුවෙන් වාහන ආනයනකරුවන් මුහුණ පා ඇති ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කොට විසඳුමක් ලබා ගැනීම සඳහා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පසුගිය වසර 35ක පමණ කාලයක් පුරාවට මෙරටට නිසියාකාරව බදු අයකිරීමේ ප්‍රතිපත්තියක් නොතිබූ නිසා ආනයනකරුවන් විශාල අපහසුතාවයකට මුහුණදුන් බවත් මෙවර බදු සංශෝධනය අවම වශයෙන් වසර දෙකක කාලයක් හෝ බලාත්මක කරන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා ඊට එකඟ වූ බවත් පැවසීය.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad