සමලිංගික සමාජශාලාවේ තරුණියක් ඝාතනය වන්නට මඳකට පෙර අන්තර්ජාලයට දැමූ සංවේදී වීඩියෝව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

සමලිංගික සමාජශාලාවේ තරුණියක් ඝාතනය වන්නට මඳකට පෙර අන්තර්ජාලයට දැමූ සංවේදී වීඩියෝව (VIDEO)

අමෙරිකාවේ ඔලැන්ඩෝහි සමලිංගික රාත්‍රී සමාජශාලාවක සිදු වූ වෙඩිතැබීමෙන් පුද්ගලයින් 49ක් මියගොස් 53 දෙනෙකු තුවාල ලැබූහ.

තුවක්කුකරු අදාළ සමලිංගික සමාජශාලාවට ඇතුළු වී වෙඩි තැබීමෙන් අනතුරුව එහි සිටි පිරිස ප්‍රාණ ඇපයට ගෙන ඇති බව දැනගත් පොලීසිය විසින් දියත් කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව අදාළ අපරාධකරුට ද වෙඩි තබා ඝාතනය කිරීමට සමත් විය.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී සමාජශාලාව තුළ සිටි තරුණියක් තමා විනෝදවන ආකාරය වීඩියෝගත කරමින් එය සමාජජාල වෙබ් අඩවියක පළ කරමින් හිඳ තිබේ. සමාජශාලාව තුළ සිටින්නන් නර්ථනයේ යෙදෙමින් විනෝදවන අයුරු එම කුඩා වීඩියෝවේ දැක්වෙන අතර එහි අවසාන කොටසේ දී වෙඩි ප්‍රහාරවල හඬත් ඒ සමගම අදාළ රූපගත කිරීම සිදුකළ තරුණිය කලබලවන අාකාරයත් පෙනෙන්නට ඇත.

කෙසේවෙතත් ඊට සුළු මොහොතකට පසු මෙම වීඩියෝව සමාජජාලයක් වෙත නිකුත් කළ Amanda Alvear නම් තරුණිය ද හිසට වෙඩි තබා ඝාතනය කිරීමට මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයා ක්‍රියා කර තිබේ. මේවන විට මාධ්‍යට නිකුත් වී ඇති අදාළ වීඩියෝව එම තරුණීයගේ නෑදෑ හිතමිතුරන් ඇතුළු අමෙරිකානු වැසියන් කම්පනය කිරීමට සමත් වී ඇත.

එම වීඩියෝව පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad