අධිවේගී මග මැද සිදු වූ දරු උපත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

අධිවේගී මග මැද සිදු වූ දරු උපත

කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ දරු උපතක් පිළිබඳ වාර්තා වේ. පසුගිය හත් වැනි දා වෛද්‍යවරයෙකු හමුවීම සඳහා හලාවත ප්‍රදේශයේ පදිංචි යුවළක් අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් ගන්නා අතරතුර ගැබිණි කාන්තාවට ප්‍රසව වේදනා පැමිණ තිබේ.

එම නිසා ඇගේ සැමියා රථය උපරිම වේගයෙන් ධාවනය කර ඇති අතර පෑලියගොඩ පිවිසුම ආසන්නයේ දී මෝටර් රථයේ ටයරයක් එකවර පුපුරා ගොස් ඇත. එහි දී ඇති වූ අධික ගැස්සීමත් සමග ගැබිණි මවගේ කුසෙහි ආරක්ෂාවට පිහිටා ඇති "වතුර බෑගය" පුපුරා ගොස් ඇති අතර සැමියා වාහනයෙන් බැස අනෙක් වාහනවලින් උදව් ඉල්ලූ නමුත් කිසිවෙකු ඒ දෙස අවධානය හෝ යොමු නොකර ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට පැමිණි පොලිස් අධිවේගී කොට්ඨාසයේ මෝටර් රථයක් සිදුවීම පිළිබඳ තේරුම් ගෙන වහාම ගැබිණි කාන්තාව සහ සැමියා එම රථයට නංවාගෙන තිබේ. එයින් විනාඩි කිහිපයනට පසු මෝටර් රථය තුළ දී ගැබිණි කාන්තාව දරුවා ප්‍රසූත කර ඇති අතර පසුව එම පොලිස් රථයෙන්ම කොළඹ පෞද්ගලික රෝහලක් කරා රැගෙන ගොස් ඇතුළත් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad