ත්‍රී රෝද රථ විසිවෙයි - මිල අඩුවට කුඩා මෝටර් රථයක් එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

ත්‍රී රෝද රථ විසිවෙයි - මිල අඩුවට කුඩා මෝටර් රථයක් එයි

ත්‍රී රෝද රථ විසිවෙයි - මිල අඩුවට කුඩා මෝටර් රථයක් එයි (VIDEO) 
ත්‍රී රෝද රථය වෙනුවට කුඩා මෝටර් කාර් රථයක් සහනදායක මිලකට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

එහිදී මෙසේද සඳහන් කළේය,

“අපි කාර්වල බදු මිල වැඩි කළේ ලංකාවට ඔරොත්තු නොදෙන වාහන ප්‍රමාණයක් දැනට ධාවනයේ යෙදෙන නිසයි. අනික ඒවාට සාපේක්ෂව ලංකාවේ මහාමාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසයි. රජයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර ඇතුළත අපි එම බදු මුදල් අඩු කිරීමටත් ජනතාවට බොහෝ සහන ලබාදීමටත් අපේක්ෂා කරනවා‘ 

ත්‍රී රෝද රථ සඳහා බදු මුදල් වැඩි කළේ රටට උහුලාගත නොහැකි තරමට ත්‍රී රෝද රථ දිනෙන් දින වැඩිවන නිසා බවත් ත්‍රී රෝද රථය වෙනුවට කුඩා මෝටර් කාර් රථයක් සහනදායක මිලකට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad