මින් ඉදිරියට තමාගේ දේශපාලන නායකයා කවුදැයි SF කියයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 30, 2016

මින් ඉදිරියට තමාගේ දේශපාලන නායකයා කවුදැයි SF කියයි.

මින් ඉදිරියට තමාගේ දේශපාලන නායකයා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහතා සඳහන් කළේ, තමා නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හැරීමක් සිදුනොවන බවයි.

එහෙත් පක්ෂයේ කෘත්‍යාධිකාරි සාමාජිකයන් ඇතුළුව ප්‍රබලයන් සියලුදෙනා එජාපයේ සාමාජිකත්වය ලබාගන්නා බවද ඔහු කීය.2020 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම අරමුණු කරගෙන තමා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ බවද හෙතෙම පවසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad