එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යයි (PHOTOS)

එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යයි (PHOTOS)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු තොග විශාල වශයෙන් අඩු වීම නිසා සියළුම එළවළුවල තොග මිල ගණන් සීඝ්‍රයෙන් ඉහලයමින් පවතී.

වෙනත් දිනයන්හි එළවළු රැගෙන එන විශාල ලොරි රථ වෙනුවට මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් එළවළු රැගෙන එන්නේ ඉතා කුඩා වාහනවල බව සඳහන් කරන අප වාර්තාකරු කියාසිටියේ තම නිෂ්පාදන අස්වැන්න ඉතා කුඩා වීම නිසා එළවළු ගොවියා අපහසුතාවයකට ලක්ව ඇති බවයි.

අද (13) දිනය වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇති සියළු එළවළුවල තොග මිල කිලෝවක් රු 100 සිට 180 දක්වා ඉහළ ගොස් ඇති අතර ඊට සමගාමීව සිල්ලර වෙළඳපොලේ ද මිල ගණන් රුපියල් 200 ඉක්මවා ඇති බව වාර්තා වේ.

කැරට්, බටු, පතෝල, ගෝවා, බෝංචි, වැටකොළු, ආදී එළවළු කිලෝවක තොග මිල රු 130 සිට 180 දක්වා මිල ගණන් යටතේ ද අමු මිරිස් කිලෝවක් රු 500ත් 600ත් අතර තොග මිලක ද සිල්ලර මිල 800ත් 1000ත් අතර මිලක ද පවතී.

මෙසේ එළවළු මිල ඉහළයාමත් සමඟ හෝටල් හිමියන් ද අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් සඳහන් කරන්නේ මෙලෙස එළවළු අස්වැන්න අඩුවීමට හේතුව පසුගියදා රටපුරා ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය බවයි.

ඡායාරූප පහතින්...

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

No comments:

Post a Comment

Post Bottom Ad