ගම්මන්පිල CIDයට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

ගම්මන්පිල CIDයට (PHOTOS)

ගම්මන්පිල CIDයට (PHOTOS)
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (13) උදෑසන රහස් පොලීසියට පැමිණියේ ය. ඒ ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මගින් ඕස්ට්‍රේලියා සමාගමක කොටස් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

උදය ගම්මන්පිල මහතා 1997 අප්‍රේල් 18 වැනිදා ලබාදුන් ඇටර්නි බලපත්‍රය ව්‍යාජ බව පවසමින් ඕස්ට්‍රේලියා සමාගමේ කොටස් හිමි අයකු 2015 වසරේ දී පැමිණිල්ලක් කර ඇති අතර ඒ සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමට ගම්මන්පිල මහතා මෙලෙස රහස් පොලීසියට පැමිණ තිබේ.

ගම්මන්පිල මහතා රහස් පොලීසියට ඇතුළු වීමට පෙර පිරිත් කියා සෙත් පැතීමට මහා සංඝරත්නය එහි පැමිණ සිටි අතර ගාමිණී ලොකුගේ මහත‍ෙ, බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ද ඔහු සමග එහි පැමිණ සිටියහ.

ඡායාරූප පහතින්....
0.02.01.4bd5e61b9b03698f3e51db493b3ac9e73259b5391f3243a2fd5300097dfd0133_full
0.02.01.5ff418070ab2496fb7b1d0b83fa991c85a181b8370dd2bf0a99e1cfa8ea6ed3d_full
0.02.01.6985e786c0a3963ae5fdad88fc298bee700853799c7221c2da1d355b9d1a0b54_full
0.02.01.a707e9353c97eabd87e8896a3bbfa3e9b86ab874c5168c073ed876355fb60207_full
0.02.01.b5ae3f6f87bebb2baeed58e33746a483ca13836b76899443413537fbc63f7bcc_full

No comments:

Post a Comment

Post Bottom Ad