සියළු ජාතීන් ජාතිකත්වයකින් තොරව නඟා සිටුවන්න රජයෙන් සූදානමක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

සියළු ජාතීන් ජාතිකත්වයකින් තොරව නඟා සිටුවන්න රජයෙන් සූදානමක් (PHOTOS)

සියළු ජාතීන් ජාතිකත්වයකින් තොරව නඟා සිටුවන්න රජයෙන් සූදානමක් (PHOTOS)
මෙරට යුධ සමයේ දී සිදුවූ සිදුවීම් උදාහරණයට ගෙන ඉදිරියේ දී සියලු ජාතීන් ජාතිකත්වයකින් තොරව නඟාසිටුවීමට රජය පියවර ගන්නා බවත් සංවර්ධන කටයුතු උදෙසා ස්ථිර රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියාසිටී.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (12) සවස වව්නියාව කළුබෝගස්වැව ගම්මානයට නව ජල පෙරණ යන්ත්‍ර 2ක් ලබාදීමේ අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව ජනතාව හමුවේ අදහස් දක්වමිනි. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වකුගඩු රෝගය මේ වනවිට මුළු රට පුරාම ව්‍යාප්තවී ඇති බවත් වසරකට අලුතින් වකුගඩු රෝගීන් 5,000ක් පමණ රෝගීන් අතරට එක්වන බවත් පැවසීය.

වකුගඩු රෝගය එලෙස ව්‍යාප්තවීම පිණිස ප්‍රධාන වශයෙන් බලපාන්නා වූ මෙරට පානීය ජල ප්‍රශ්නය වසරක් ඇතුළත සම්පූර්ණයෙන්ම විසඳීමට පියවර ගන්නා බවට ද ජනාධිපතිවරයා ජනතාව ඉදිරියේ පොරොන්දු විය.
ඒ සඳහා ජාත්‍යන්තරයෙන්, රජයෙන් මෙන්ම පෞද්ගලික අංශ වෙතින් ද ආධාර උපකාර ලැබෙමින් පවතින බව ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ සංවර්ධිත රටවල් 3ක් ද ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය තුරන් කිරීමේ කාර්යයට එක්ව සිටින බවත් දැනට ඔවුන් සිදුකොට ඇති පර්යේෂණවලට අනුව පානීය ජලයේ ඇති සංඝටක මෙන්ම පොහොර හා කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතය වකුගඩු රෝගය පැතිරයාමට හේතූන් බවට අනාවරණය වී ඇති බවත් ය.

මේ තත්ත්වයන් ගැන සැලකිල්ලට ගෙන ගොවි ජනතාව කාබනික පොහොර භාවිතයට නැඹුරු කිරීමට තමන් උථ්සහ කළ අවස්ථාවේ දී ජනතාව බැණ වැදුණු නමුත් හොඳ දේ කොට බැණුම් අැසීමට තමා සූදානම් යැයි ද ජනාධිපතිවරයා කියාසිටියේ ය.

ඡායාරූප පහතින්...

දියසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad