FCID අහෝසි කරන්න එපා.. අපටත් ගේන්න කට්ටිය ඉන්නවා.. – ඒකාබද්ද විපක්‍ෂය රජයෙන් ඉල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

FCID අහෝසි කරන්න එපා.. අපටත් ගේන්න කට්ටිය ඉන්නවා.. – ඒකාබද්ද විපක්‍ෂය රජයෙන් ඉල්ලයි..

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය අහෝසි නොකරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

‘එෆ්.සී.අයි.ඞී. අහෝසි කරනවා කියලා ආන්ඩුව කියනවා. අපි කියන්නේ අහෝසි කරන්න එපා කියලායි. ඉදිරියේදී අපිටත් එෆ්.සී.අයි.ඞී. එකෙන් ප‍්‍රයෝජන ගන්න තියෙනවා. අපේ ආණ්ඩුවක් යටතේ එෆ්.සී.අයි.ඞී. එකට ගේන්න කට්ටිය ඉන්නවා. 


මහ බැංකු අධිපතිවරයා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා කවදා හරි එෆ්.සී.අයි.ඞී. එකට ගේන්න ඕනි. විශ‍්‍රාම ගිහින් හිටියත් ලෝකෙ කොයි මුල්ලෙ හිටියත් ඔවුන් මේකට ගේන්න ඕනි’ යයිද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad