හිටපු ඇමති කෙහෙළිය FCIDයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

හිටපු ඇමති කෙහෙළිය FCIDයට

හිටපු ඇමති කෙහෙළිය FCIDයට
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(14) පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබේ.

රජයේ මුදල් කෝටි දෙකක් වැය කරමින් විදෙස් රෝහලකදී ප්‍රතිකාර ලබාගත් බව කියන චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා තිබේ.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද පසුගිය මස 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටියේය.  කෙසේ වෙතත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad