සිංහයෝ ලෝඩ්ස් පිටියේදී අපරාජිත වාර්තාව රැකගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

සිංහයෝ ලෝඩ්ස් පිටියේදී අපරාජිත වාර්තාව රැකගනී

එංගලන්තයේ ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේ දී පැවති තුන්වැනි සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වූ ඊයේ (13) දිනයේ දී වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා එංගලන්තයට එරෙහිව පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

තරගයේ අවසන් දිනය වූ ඊයේ පස්වරුවේ වර්ෂාව නිසා තරගය අතහැර දමන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 78 ක් ලබා සිටියේය. ඒ අනුව වසර 25ක් පුරාවට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක් පරාජය නොවීමේ වාර්තාව තවදුරටත් රැකගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ  සමත්විය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමක් ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේ  පැවැති ටෙස්ට් තරගයක දී පරාජය වූයේ 1991වසරේදීය. අන්තර්ජාතික කි‍්‍රකට් විචාරකයන් විසින් ශී‍්‍ර ලංකා පිලේ මෙම දස්කම හඳුන්වන ලද්දේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම කී‍්‍රඩාංගණයේදී පවත්වාගෙන යන ඇදහිය නොහැකි තරමේ ‘සාඩම්බර’ වාර්තාවක් ලෙසිනි. කෙසේ නමුත් තරග 2 - 0 ක් ලෙස සත්කාරක එංගලන්ත කණ්ඩායමට මෙවර තරගාවලියේ ජය හිමිවිය. 


පසුගිය බ්‍රහස්පතින්දා (09) දින ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 416 ක් රැස්කිරීමට සමත්වූ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 288ක් පමණි. තරගයේ වීරයා ලෙස ජොනී බෙයාස්ටෝ සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙස ඔහු (බෙයාස්ටෝ) හා කෞෂාල් සම්මාන දිනාගත්හ.

එංගලන්තය පළමු ඉනිම - 416/10 (පන්දුවාර 128.4)

ජොනී බෙයාස්ටෝ (නොදැවී) 167 (251, 4x18), ඇලෙස්ටෙයාර් කුක් 85 (173, 4x9), ක්‍රිස් වෝක්ස් 66 (142, 4x8), රංගන හේරත් 4/81 (36), සුරංග ලක්මාල් 3/90 (27), නුවන් ප්‍රදීප්  2/104 (27)

ශ්‍රී ලංකාව පළමු ඉනිම 288/10 (පන්දුවාර 95.1)

කෞෂාල් සිල්වා 79 (152, 4x10), දිමුත් කරුණාරත්න 50 (101, 4x7), කුසල් පෙරේරා 42 (73, 4x7), රංගන හේරත් 31 (49, 4x5), ස්ටීවන් ෆින් 3/59 (18), ක්‍රිස් වෝක්ස් 3/31 (17.1)

එංගලන්තය දෙවැනි ඉනිම 233/7 (පන්දුවාර 71)

ඇලෙක්ස් හේල්ස් 94 (179, 4x10, 6x1), ඇලෙස්ටියාර් කුක් නොදැවී 49(86, 4x3, 6x1),  ජොනී බෙසාස්ටෝව් 32 (72, 4x1), නුවන් ප්‍රදීප් 3/37 (15), ශමින්ද එරංග 3/58 (14)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම78/1 (පන්දුවාර 24.2)

දිමුත් කරුණාරත්න නොදැවී 37(66, 4x6), කුසල් මෙන්ඩිස් නොදැවී 17 (30, 4x2, 6x1), කෞෂාල් සිල්වා16 (51, 4x3), ජේම්ස් ඇන්ඩර්සන් 1/27 (9)

No comments:

Post a Comment

Post Bottom Ad