සෞන්දර්ය සරසවියේ නවක සිසුන් 100ක් දේශන මඟහරී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

සෞන්දර්ය සරසවියේ නවක සිසුන් 100ක් දේශන මඟහරී

සෞන්දර්ය සරසවියේ නවක සිසුන් 100ක් දේශන මඟහරී
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන් 100කට අධික පිරිසක් නවකවදය හේතුවෙන් දේශවනවලට සහභාගීවීමෙන් වැළකී ඇතැයි එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සිසුන්ගේ දෙමව්පියන් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට දැනුම් දී ඇත්තේ නවකවදයට බියෙන් සිසුන් දේශනවලට නොපැමිණෙන බවයි. රාත්‍රී කාලයේ දී වැඩිමල් සිසුන් විසින් නවක සිසුන් බලහත්කාරයෙන් රැගෙන ගොස් විවිධ අයුරින් නවකවදයට ලක්කරන බවට ද එම දෙමව්පියන් පිරිස පාලනාධිකාරියට දැනුම් දී තිබේ.

නව අධ්‍යයන වර්ෂය සඳහා පසුගිය මාසයේ දී සිසුන් 240ක් සෞන්දර්ය විශ්වවිද්‍යලයට ඇතුළත් කරගනු ලැබීය. ඔවුන් මෙසේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ නවකවදයට ලක් වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad