ටිරාන් අලස්ට විදෙස් ගතවීමට අවසර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

ටිරාන් අලස්ට විදෙස් ගතවීමට අවසර

ටිරාන් අලස්ට විදෙස් ගතවීමට අවසර
2004 වසරේ දී මෙරටට ඇති වූ සුනාමියෙන් විනාශ වූ නිවාස ඉදි කිරීමට බව සඳහන් කරමින් රුපියල් මිලියන 167ක් රාඩා ආයතනය මගින් සාවධ්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක සැකකරුවකු වන ටිරාල් අලස් මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව මහතා අද (14) අවසර ලබා දී තිබේ.

ඒ මහතා මීට පෙර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා යෑමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණ ද එය ප්‍රතික්ෂේප වී ඇති අතර ඉන් පසු ඔහු යළි ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණයට යොමු කොට ඇත.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා විසින් ටිරාන් අලස් මහතා සම්බන්ධයෙන් අධිකරණයට ලබාදුන් වෛද්‍ය වාර්තාව සලකා බැලීමෙන් පසු සහ අලස් මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු මාස 03ක කාලයක් ඇතුළත සති 03ක් ප්‍රතිකාර සඳහා විදෙස් ගතවීමට මහාධිකරණය අවසර ලබා දී තිබේ. 

ඒ සඳහා රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් පන් ලක්ෂයක ශරීර අප අමතර ඇප වශයෙන් තැම්පත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad