FCIDය විසුරුවා හැරීමේ සූදානමක්? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

FCIDය විසුරුවා හැරීමේ සූදානමක්? (VIDEO)

FCIDය විසුරුවා හැරීමේ සූදානමක්? (VIDEO)
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසුරුවාහැරීමේ සූදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ය. වංචා දූෂණ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන යටපත් කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට සූදානමක් පවතින බවත් තමත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කට උත්තරයක් ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී එහි නිලධාරීන් මේ බව තමන්ට පැමිණිලි කර සිටි බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

ඒ අනුව මේ මස 30 වන දින වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිල කාලය අවසන්වීමට නියමිත බවත්, ඒ අයගේ හැඳුනුම්පත් අලුත් නොකරන ලෙස දැනුම්දී ඇතැයි ඔවුන් පවසන බවත් හදුන්නෙත්ති මහතා සඳහන් කළේය.

මීට පෙරාතුව තමන් පාර්ලිමේන්තුවේදී ‍මෙහි කටයුතු පිළිබඳ විමසූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැන කරුණු පැහැදිලි කරමින් මේවන විට ඊට පැමිණිලි 44ක් ලැබී ඇති බවත්, එයින් විමර්ශන පවත්වා අවසන් වාර්තා සකස් කොට නීතිපතිවරයා වෙත යොමුකර ඇත්තේ පැමිණිලි 6ක් සම්බන්ධයෙන් පමණක් බවත් පැහැදිලි කළ බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව විමර්ශන ඉවර කරමින් තිබියදී එම ආයතනයද ඉවර කරන්නට කටයුතු කරමින් සිටීම කනගාටුදායක බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad