කෝප් කමිටුවට හිටපු ඇමති මහින්දානන්ද පත් කරයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

කෝප් කමිටුවට හිටපු ඇමති මහින්දානන්ද පත් කරයි 

කෝප් කමිටුවට හිටපු ඇමති මහින්දානන්ද පත් කරයි 
පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සඳහා මහින්දානන්ද අලුත්ගමගේ සහ අබ්දුල්ලා මහරුෆ් මන්ත්‍රීවරුන් පත් කරනු ලැබ සිටිති.

කෝප් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතායි. කෝප් කමිටුවට පොදු විපක්ෂයේ මන්ත්‍රීවරයකු පත් කළ යුතු යැයි කළ ඉල්ලීම අනුව ඔවුන් පත් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad