මන්ත්‍රීවරයෙක් විදුහල්පතිනියකට තර්ජනය කරයි - පොලීසිය පැමිණිල්ල භාර නොගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

මන්ත්‍රීවරයෙක් විදුහල්පතිනියකට තර්ජනය කරයි - පොලීසිය පැමිණිල්ල භාර නොගනී

මන්ත්‍රීවරයෙක් විදුහල්පතිනියකට තර්ජනය කරයි - පොලීසිය පැමිණිල්ල භාර නොගනී
ගිරිඋල්ල, මැදගම්පල විද්‍යාලයේ විදුහල්පතිනියට වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

ඇතැම් දේශපාලඥයින් සිය දේශපාලන බලය යොදවමින් ආයතන හා නිළධාරීන් සමඟ ගනුදෙනු කිරීමට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

වයඹ පළාත් සභා මන්ත්‍රී සුමිත් රාජපක්ෂ මහතා විසින් පොසොන් තොරණක් ඇතුළු කටයුතු කිහිපයක් සඳහා මැදගම්පල විද්‍යාලයේ ක්‍රිඩාංගණය ලබාගැනීමට අවිධිමත් අයුරින් කටයුතු කර ඇති බව මහින්ද ජයසිංහ මහතා පවසයි. ක්‍රිඩංගණය ලබාගැනීම සඳහා එම පාසලේ විදුහල්පතිනිය එකඟ නොවීම හේතුවෙන් මන්ත්‍රිවරයා ඇයට බැණ වැදී තර්ජනය කර ඇත. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා විදුහල්පතිනිය අලව්ව පොලිස් ස්ථානයට ගියද පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පැමිණිල්ල භාර ගෙන නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කළේය. ගුරුවරියක දණ ගැස්ස වූ බවට හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාටද වරක් චෝදනා එල්ල විය.

No comments:

Post a Comment

Post Bottom Ad