ETF - EPF ණය ගැන මහ බැංකුවෙන් පුළුල් විමර්ශනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

ETF - EPF ණය ගැන මහ බැංකුවෙන් පුළුල් විමර්ශනයක්

ETF - EPF ණය ගැන මහ බැංකුවෙන් පුළුල් විමර්ශනයක්
සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලින් පසුගිය කාලයේදී රජය ලබාගත් ණය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

සාමාන්‍ය වෙළෙඳ‍පොළ ‍පොලී අනුපාතයට වඩා අඩු ‍පොලියකට සේවක භාරකාර අරමුදලින් හා සේවක අර්ථසාධක අරමුදලින් ණය ගැනීම නිසා එම අරමුදල්වලට ලැබිය යුතු ‍පොලී මුදල් අහිමිවීම පිළිබඳව විමසා බැලිය යුතු බවටද මහ බැංකුවේ අවධානය යොමුව තිබේ.

එමෙන්ම සේවක අර්ථසාධක අරමුද‍ලේ මුදල් කොටස් වෙළෙඳ‍පොළේ ආයෝජනය කළ ආකාරය පිළිබඳ විමර්ශනය කිරීමට මහ බැංකුව කටයුතු කරමින් සිටින බවද මහ බැංකු ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad