තාජුඩීන් ඝාතනයේ රහස් වාර්තාවක් ගැන හෙළිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

තාජුඩීන් ඝාතනයේ රහස් වාර්තාවක් ගැන හෙළිවෙයි

තාජුඩීන් ඝාතනයේ රහස් වාර්තාවක් ගැන හෙළිවෙයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වී සතියක් යන්නට මත්තෙන් එම ඝාතනය රිය අනතුරක් නොවන බවට සැකයක් පවතින බව දන්වා එවකට ‍පොලිස්පතිවරයාව සිටි එන්.කේ. ඉලංගකෝන් මහතාට රහස් වාර්තාවක් ලබාදී ඇතැයි ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂව සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ඩී.ආර්.එල්.රණවීර මහතාට ‍පොලිස්පතිවරයා පෞද්ගලිකවම කතාකර එම වාර්තාව ගෙන්වාගෙන ඇති බවද විමර්ශනවලින් හෙළි වී ඇත.

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කිසිදු විමර්ශනයක් භාරදී නැති බවද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. එහෙත් ‍පොලිස්පතිවරයාගේ නියෝග ප්‍රකාරව ඔහුට රහස් වාර්තාවක් ලබාදීමට පමණක් කොළඹ අපරාධ කොට්ඨාසය පියවරගෙන තිබේ.

තාජුඩීන්ගේ මරණය සැකසහිත බව කොළඹ අපරාධ කොට්ඨාසයේ රහස් වාර්තාවකින් ‍පොලිස්පතිවරයාව දැනුවත් කර තිබියදීත් 2015 වසරේ ආණ්ඩු පෙරළිය සිදුවනතුරුම එම පරීක්ෂණ රහස් ‍පොලීසියට භාරදී විධිමත් ආකාරයට සිදු නොකිරීම ගැටලු සහගත බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

ඒ අනුව ඉදිරියේදී අවශ්‍ය උපදෙස් ලබාගෙන හිටපු ‍පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad