මහබැංකු අධිපතිධුරය නැවතත් අර්ජුන මහේන්ද්‍රන්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

මහබැංකු අධිපතිධුරය නැවතත් අර්ජුන මහේන්ද්‍රන්ට

මහබැංකු අධිපතිධුරය නැවතත් අර්ජුන මහේන්ද්‍රන්ට
මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා යළි එම ධුරයට පත් නොකිරීමට හේතුවක්‌ නැති බවත් ඉදිරියේදී මහ බැංකු අධිපතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහතා බවත් සභානායක, උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (13) බත්තරමුල්ල ප්‍ර‍දේශයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කළ ද එය විභාගයටවත් නොගෙන ඉවත දැමූ බව ද හෙතෙම සඳහන් කළේය. මහ බැංකු අධිපති ලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කළේ රජය විසින් බවත් ඒ විශ්වාසය තවම කඩවී නැති බවත් ඔහු පැවසීය.

දිගින් දිගටම ඔහුට චෝදනා එල්ල කරමින් ඔහු වැරැදිකරු කරවීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටියත් මෙතෙක්‌ ඔහුට එරෙහිව ඇත්තේ චෝදනා පමණක්‌ යෑයිද ඒ මහතා අවධාරණය කළේය. මෙම චෝදනා වැඩිවශයෙන්ම පාර්ලිමේන්තුවේදි හා ඇතැම් මාධ්‍ය මගින් එල්ල කරමින් සිටින බව ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad