උතුරේ ඇමති මණ්ඩලේ තව වෙනසක් - නව සෞඛ්‍ය ඇමති පත්මනාදන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

උතුරේ ඇමති මණ්ඩලේ තව වෙනසක් - නව සෞඛ්‍ය ඇමති පත්මනාදන්

උතුරේ ඇමති මණ්ඩලේ තව වෙනසක් - නව සෞඛ්‍ය ඇමති පත්මනාදන්
උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යවරයා ලෙස පත්මනාදන් සත්‍යලිංගම් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ දී ඊයේ (13) දිවූරුම් දෙනු ලැබීය.

එහි දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද, ශ්‍රී ලංකා ජනරජයට පක්‍ෂපාත වන බවටද, ඔහුගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කොට අනුගමනය කරන බවටද, ශ්‍රී ලංකාවේ දේශය තුල වෙනම රාජ්‍යක් පිහිටුවීමට, කෙලින්ම හෝ අන්‍යකාරයකින්, ශ්‍රී ලංකාව තුල දී හෝ ඉන් පිටතදී ආධාරදීම, අනුබලදීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් ඉදිරියේ ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙන ලදී. 

කෙසේ වෙතත් පසුගියදා උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා නව අමාත්‍යාංශ 3ක් වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.
ඒ අනුව සමාජ සේවා, පුනරුත්ථාපන කටයුතු හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ මේ අනුව මහඇමතිවරයා යටතට පත්කර තිබේ.

අදාළ අමාත්‍යාංශ වලට අමතරව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙතෙක් කටයුතු කළ මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත හා ව්‍යවසාය, ප්‍රවර්ධන, සංචාරක, පළාත්පාලන හා පළාත් පරිපාලන අමත්‍යවරයා වශයෙන්ද ඔහු එහිදී දිවුරුම් දෙන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad