ගිනි ඇවිළී තරුණියක් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

ගිනි ඇවිළී තරුණියක් මරුට

ගිනි ඇවිළී තරුණියක් මරුට
සිරුරට ගිනි ඇවිළීමෙන් බරපතළ තුවාල ලැබු තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම තරුණිය යාපනය, සභාපතිපිල්ලේ ප්‍රදේශයේ පිහිටි අවතැන් කඳවුරක් ආසන්නයේ දී මෙම අනතුරට භාජනය වී තිබේ.

කඳවුර ආසන්නයේ තිබූ කසළ ගොඩකට ගිනි තැබීමට ගිය අවස්ථාවේ දී ඇයගේ සිරුරට ගිනි ඇවිලී ඇති බව පොලීසිය පවසන අතර පිළිස්සීමෙන් බරපතළ තුවාල ලැබු තරුණිය යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියක් වන අතර යාපනය චුන්නාකම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment

Post Bottom Ad