අනුරපුර පාසල් වැසේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

අනුරපුර පාසල් වැසේ

අනුරපුර පාසල් වැසේ
අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පාසල් 13ක් පොසොන් උත්සවය නිමිත්තෙන් වසා තැබීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම මස 16 වැනිදා සිට 22 වැනිදා දක්වා ‍එම පාසල් වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති අතර අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලය, ස්වර්ණපාලී බාලිකා මහා විද්‍යාලය, ශාන්ත ජෝෂප් මහා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවත්තක චේතිය මහා විද්‍යාලය, සහිරා විද්‍යාලය, දේවනම්පියතිස්ස මහා විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය සහ මහබෝධි විද්‍යාලය මෙලෙස වසා තැබෙනු ඇත.

එම පාසැල්වලට අමතරව මිහින්තලේ මහා විද්‍යාලය, මිහින්තලේ කණිෂ්ඨ විද්‍යාලය සහ කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාන මහා විද්‍යාලය ද වසා තබන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට තිබේ.

පොසොන් උත්සව රාජකාරී කටයුතු සඳහා පිට පලාත්වලින් පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයින්ට නවාතැන් පහසුකම් ලබාදීම සඳහා එම පාසල් යොදා ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad