සජිත් පාර්ශ්වය ‘වොටර්ස් එජ් ටීම්’ හදයි එජාප අර්බුදය යලි කරලියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

සජිත් පාර්ශ්වය ‘වොටර්ස් එජ් ටීම්’ හදයි එජාප අර්බුදය යලි කරලියට

එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මැතිවරණය සඳහා ඉදිරිපත් වූ වෙනත් පක්ෂ නියෝජයනය කළ කණ්ඩායමේ ප්‍රබලයන්, රනිල් වික්‍රමසිංහ විරෝධී සජිත් පාර්ශ්වය නියෝජනය කර පිරිස් හා මේවන විට ජනාධිපති කාර්යාලයේ ඉහළ තනතුරු හොබවන පිරිසක් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සඳහා මේවන විට කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙලක් දියත් කර තිබේ.

එම කණ්ඩායමට සම්බන්ධ ආරංචි මාර්ග අනුව හෙට(14) දිනයේදී බත්තරමුල්ලෙ වෝටර්ස් එජ් හොටලයේදි මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද සිදු කිරීමට නියමිතය. මෙම කණ්යඩායම ‘ වොටර්ස් එජ් ටීම්’ ලෙස හැඳින්වීමටද කට යුතු කර තිබේ.

මොවුන්ගේ බලාපොරොත්තුව වන්නේ ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය අඩපණ කොට පාර්ලිමේන්තුව තුල ඉදිරි වසර පහ තුළ තීරණාත්මක සාධකයක් ලෙස ඔවුන්ගේ බලය ව්‍යාප්ත කිරීමය. ඉන් අනතුරුව 2020 ජනාධිපතිවරණය ඉලක්ක කොට තමන්ගෙන අපෙක්ෂකයෙක් ඉදිරිපත් කිරීම මූලික සැලසුම වී ඇත.

විශේෂයෙන්ම වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණ වැඩි වාසි අත්පත් කර ගැනීම වලක්වා සමාජය ඉල්ලා සිටින විකල්ප නායකත්වය ඔවුන් වෙත තබා ගැනීම මගින් ඉදිරි දේශපාලන ජයග්‍රහණ අත්පත් කර ගත හැකි බව මෙම කණඩායමේ මතය වී තිබේ.

මේවන විටත් දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන කටයුතුද මෙම පිරිස දියත් කර තිබේ. නුදුරේම ‘make sri lanka great’ නමින් ප්‍රචාරක ව්‍යාපාරයක්ද දියත් කිරීමට නියමිතය. මෙහි මූලික සැලැස්ම ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු විසින් සකසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad