විමල්ගේ පක්‍ෂය සන්ධානයෙන් ඉල්ලා අස්වෙයි.. කීයටවත් යන්න දෙන්න බෑ සන්ධානය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

විමල්ගේ පක්‍ෂය සන්ධානයෙන් ඉල්ලා අස්වෙයි.. කීයටවත් යන්න දෙන්න බෑ සන්ධානය කියයි..

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට කතානායක කරූ ජයසූරිය මහතාගෙන් කර ඇති ඉල්ලීම කතානායකවරයා විසින් සන්ධානයේ මහ ලේකම්වරයා වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණ ගිය මැතිවණයේදී සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුවෙන් තරග නිසා පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් එම පක්‍ෂ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ තම පක්‍ෂය සන්ධානයෙන් ඉවත් වීම තීරණය කරන්නේ සන්ධානය විසින් නොවන නිසා කතානායකවරයා මේ ගැන සන්ධානයෙන් විමසීම ගැන විමතියට පත් වන බවත් මින් පෙර මෙවන් අවස්ථාවන්වලදී කතානායකවරුන් කටයුතු කල ආකාරය අනුව ඔහු කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad