ඇළ මාර්ග අසල පදිංචි පවුල් 2,500ක් ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

ඇළ මාර්ග අසල පදිංචි පවුල් 2,500ක් ඉවතට

ඇළ මාර්ග අසල පදිංචි පවුල් 2,500ක් ඉවතට
කොළඹ සහ ඒ අවට ඇළ මාර්ග අසල අනවසරයෙන් පදිංචි වී සිටින පවුල් 2500ක් පමණ එම ස්ථානවලින් ඉවත් කිරීමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව තීරණය කර තිබේ.

එම සංස්ථාවේ සභාපති ඩබ්ලිව්. එම්. ඒ. එස් ඉද්දවල මහතා ප්‍රකාශ කළේ සංස්ථාව මෙම තීරණයට එළඹියේ ඇළ මාර්ග අසල පදිංචිකරුවන්ගේ ක්‍රියාකාරකම් කොළඹ සහ ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයන් ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පසුගියදා ඇති වූ ගංවතුරෙන් පසුව සිදුකළ සමීක්ෂණයක දී හෙළි වූ නිසා බවයි.

මෙලෙස ඉවත් කිරීමට නියමිතව ඇත්තේ නාවල, කෝට්ටේ, ගොතටුව සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශවල ඇළ මාර්ග අසල අනවසරයෙන් පදිංචි වී සිටන පිරිස් ය. 

No comments:

Post a Comment

Post Bottom Ad