සාලාවට අලුත් මෙහෙයුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

සාලාවට අලුත් මෙහෙයුමක්

සාලාවට අලුත් මෙහෙයුමක්
පසුගියදා කොස්ගම සාලාව කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ පිපිරීමෙන් හානියට පත් නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වනවිටත් යුද හමුදාවේ මැදිහත්වීමෙන් සිදුකෙරේ.

මේ අතර අද (14) දිනයේ සිට එම ප්‍රදේශය කලාප 05කට බෙදා බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකුගේ අධීක්ෂණය යටතේ නිවාස අලුත්වැඩියා කටයුතු සිදුකරන බව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

මෙහි එක් කොට්ඨාසයකට නිවාස 100 ක් පමණ අයත් වන බවත් මේ අතරින් දිනකට නිවාස 50කට වඩා අලුත්වැඩියා කර ජනතාවට භාරදීම යුද හමුදාවේ අරමුණ වී ඇති බවත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

එමෙන්ම එම කඳවුරු භූමියේ සිට කිලෝමීටර් දෙකක වපසරියකින් යුතු භුමි ප්‍රදේශයේ දකුණ, නිරිත සහ ගිනිකොණ ප්‍රදේශවල සියලුම පතොරම් කොටස් කැබලි සියල්ලක්ම පිරිසුදු කර අවසන් බවත්, අද දහවල් වනවිට වයඹ, උතුර සහ ඊසාන දිශාවන්හි පිරිසුදු කිරීම් සිදු කිරීමට නියමිතව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙම කිලෝමීටර් දෙකක වපසරිය සම්පූර්ණයෙන්ම පිරිසුදු කර අවසන් වූ පසු කිලෝමීටර් තුන හතර වපසරියේ පිරිසුදු කිරීම් ආරම්භ කරන බව ද වාර්තා වේ. ඊයේ (13) දිනය වනවිට නිවාස 118 ක අලුත්වැඩියා කිරීම් සිදු කිරීමට යුද හමුදාවට හැකි වූ අතර යුද හමුදා බවුසර් යොදා ගනිමින් ප්‍රදේශයේ ළිං සියල්ලක්ම පාහේ පිරිසුදු කිරීමට හැකි වී තිබේ.

ඊයේ දිනයේ සිට එම ප්‍රදේශයේ පාසල්හි අධ්‍යයන කටයුතු ආරම්භ වූ අතර යුද හමුදාපති ලුුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි එම පාසල් සිසුන්ට අවශ්‍යය නිල ඇඳුම් නොමිලයේ මසා දීමේ ව්‍යාපෘතියක් ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

එමෙන්ම ජනතාවට තාවකාලිකව ලැගුම් ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට කූඩාරම් ද යුද හමුදාව මගින් ලබා දී ඇති අතර යුද හමුදු ජංගම වෛද්‍ය සේවාවන් ද තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad