ලංකාවට වූ අවාසිය නිසා විනිසුරු තීරණය විමසීමේ නීතිය වෙනස් කරන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

ලංකාවට වූ අවාසිය නිසා විනිසුරු තීරණය විමසීමේ නීතිය වෙනස් කරන්න යයි

විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දැඩි විවේචන හමුවේ එහි විනිසුරුගේ තීන්දුව සම්බන්ධ නීතිය වෙනස් වීමේ තත්වයක් උදා වී තිබෙනවා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී එංගලන්ත කඩුලු රකින්නා වන ජොනී බෙයර්ස්ටෝ ලකුණු 56ක් ලබා සිටියදී ශමින්ද එරංග විසින් යවන ලද පන්දුවක් පිතිකරුවාගේ පා ආවරණයේ වැදිණි. පිතිකරුවා කඩුල්ල මුවා කළේ යැයි පන්දු යවන්නා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

එම අවස්ථාවේදී දැවී යාමෙන් ගැලවුණු එංගලන්ත කඩුලු රකින්නා එංගලන්ත පිල තවත් ලකුණු 234කින් ඉදිරියට ගෙන ගිය අතර තනිවම නොදැවී ලකුණු 167ක් ලබා ගත්තේය.

මෙම සිදුවීම ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාරගේ ඉවසීම බිඳ දමන්නක් විය. සිය ට්විටර් සම්බන්ධතාවය හරහා ඊට එරෙහි හඬ නැගු සංගක්කාර පවසා සිටියේ මෙම 'විනිසුරුගේ තීන්දුව' යන විගඩමෙන් ඉවත් වීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවට කාලය එළඹ තිබෙන බවයි. ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් 400කට වැඩි පිරිසක් අදහස් දක්වා තිබු අතර 750කට වැඩි පිරිසක් එකඟතාවය පළකර තිබුණි.

කෙසේ වෙතත් නවතම තොරතුරු අනුව මෙතෙක් කලක් 'විනිසුරුගේ තීන්දුව' සම්බන්ධයෙන් හිමි වූ 50% වාසිය මින් ඉදිරියේදී 25% දක්වා අඩුකෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad