මෙන්න දැනගන්න ඕන දෙයක් කියන්න තමයි හදන්නේ. අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන ත්‍රීවිල් එක වෙනුවට
පුංචි කාර් එකක් රවී කරුණානායක ඇමතිතුමා හඳුන්වලා දුන්නානේ. ඉතින් මෙහෙම ලංකාවට ගෙන්නන්න යන්නේ ඉන්දියාවේ බජාජ් සමාගම නිපදවූ Quadricycle Qute කියන කාර් එක.
මේ කාර් එක කවුද ලංකාවට ගේන්නේ. කවුද අයිතිකාරයා ? තොරතුරු කියන්න අපි සූදානම්. මේ කාර් එක ලංකාවට ගේන කොම්පැනියේ අයිතිකාරයා යහපාලන ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙක්ගේ සම්බන්ධීකාරක ලේකම්වරියකගේ තාත්තා කෙනෙක්. කාර් එක ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 3 ක් වුනත් වැට් එක ගැහුවහම කොහොමත් ලක්ෂ 7 ත් 8 ත් වෙයි කියල අපිට ආරංචිවුනා. ඉතින් මෙහෙම එක කාර් එකකින් ඩොලර් 750 ක් අයිතිකාරයාගේ දුව වැඩකරන ඇමතිටත් දෙන්න ගිවිසුම් ගහලා තියෙනවා.
කොහොමහරි ඉතින් බැලින්නම් මිනිස්සුන්ගේ පිහිටට තිබ්බ ත්‍රීවිල් එකටත් වැඩේ දීලා තමන්ගේ යහපතට ගෙන්නන කාර් එකක් තමයි මේක. මේ කියන ඇමතිතුමා ගාව ඉන්න පෞද්ගලික ලේකම්වරියත් මාර ලොකු ටෝක්ස් දාගෙනලු ඉන්නේ. වැඩි වයසක් නම් නෑ. හැබැයි සුරාබදු එකට රේගුවට නියෝග දෙන්නත් මෙයා පටන් අරගෙන.
පැයට කිලෝමීටර් 70 වේගයෙන් මේ අලුත් කාර් එකට යන්න පුළුවන්ලු. රියදුරුත් එක්ක තව තුන් දෙනෙක්ට මේ කාර් එකේ යන්නත් පුළුවන්ලු. පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් යන්න පුළුවන් කියලත් මෙයාලා කියනවා. කොහොමහරි ඉතින් බැලින්නම් දැන් ත්‍රීවිල් එකෙනුත් ආණ්ඩුව ගහන්න පටන් ගෙන ඉවරයි දැන්.
Sunday, June 5, 2016
ලක්ෂ තුනට ලංකාවට ගේන කාර් එකේ අයිතිකාරයා ආණ්ඩුවේම කෙනෙක් – තොරතුරු හෙළිවෙයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment