ලෝක පරිසර දිනය අදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදයි
ලෝක පරිසර දිනය අද (05)ට යෙදී තිබේන අතර නීති විරෝධී වනජීවී නිෂ්පාදන වෙළෙඳාමට එරෙහිව ලොව පුරා දැඩි පියවර ගත යුතු බවට මෙවර ලෝක පරිසර දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අවධාරණය කර තිබේ.

ස්වභාවික පරිසරය වෙනස් කිරීමට මිනිසාට සිදුවුව ද එහි සීමාව මිනිසා දැන සිටිය යුතු බව පරිසරය විටින් විට සිදුකරන අනතුරු ඇඟවීම්වලින් පැහැදිලි වන බව ලෝක පරිසර දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

ස්වභාවික විපත්වලින් පීඩා විඳින රටවල් අතරට එක්ව සිටින අප රට ද ස්වභාව ධර්මයාට එරෙහිව මිනිසාට පැවැත්මක් නැති බවට වන සත්‍යය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 
1973 වසරේ සිට ලෝක පරිසර දිනය සැමරීම සිදුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad