තමන් මුහුණ දුන් රිය අනතුරෙන් මත්පැන් ගඳ ආවේ තමන් මත්පැන් පානය කර සිටි නිසා නොවේ යයි ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
එම අනතුරට මුහුණ දුන් අවස්ථාවේ එහි සිටි මිනිසුන් කිහිප දෙනෙකු වටවී ‘අපේ මන්ත‍්‍රිතුමා ඔබතුමා ආරක්‍ෂා වෙන්න’ කියා ආදරයෙන් බදා ගෙන සිප ගත් බවත් එම පුද්ගලයෙකු බීමතින් සිටි බවත් ඔහු කියා සිටියේ හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.
මත්පැන් ගඳ වහනය වූයේ තම කටින් යයි කිසි තැනක සඳහන් නොවූ බවද පැවසූ මන්ත‍්‍රිවරයා ස්වභාවිකව ශරීරයෙන් මත්පැන් ගඳ වහනය වීම, ලේ ගිළුනු අවස්තාවකද මත් පැන් ගන්ධය එන බවත්, බීමතින් සිටි අයෙක් ස්පර්ශ කලද එම ගඳ එන බවත් ඔහු කියා සිටියේය.
වැඩසටහනට පැමිණ සිටි එජාප නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනාද කොන්දේසි විරහිතව විජි හෙර්ත් මහතාගේ පාර්ශවය රකින්නට කරුණු දක්වද්දී සන්ධාන මන්ත‍්‍රී දිළුම් අමුණුගම අදාල නොවන අරක්කු කේස් ගැන අදහස් නොදක්වන්නට කටයුතු කලේය.
Sunday, June 5, 2016
Home
දේශපාලන පුවත්
අරක්කු ගඳ ආවේ මගෙ කටින් නෙවෙයි.. බීපු කෙනක් මාව ඉම්බා.. මෙන්න ‘විජිත සමඟ විනෝද සමය..’
අරක්කු ගඳ ආවේ මගෙ කටින් නෙවෙයි.. බීපු කෙනක් මාව ඉම්බා.. මෙන්න ‘විජිත සමඟ විනෝද සමය..’
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment