බස්නාහිර ත්‍රිරෝද රථවලට අළුත් නීතියක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

බස්නාහිර ත්‍රිරෝද රථවලට අළුත් නීතියක් 

බස්නාහිර ත්‍රිරෝද රථවලට අළුත් නීතියක් 
බස්නාහිර පළාතේ සියලු ම කුලී ත්‍රිරෝද රථ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්යය කර තිබේ.
ත්‍රිරෝද රථ නියාමන වැඩසටහන යටතේ එලෙස කුලී ත්‍රිරෝද රථ ලියාපදිංචිය අනිවාර්යය කර ඇති බව එම අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න මහතා පැවසී ය.

ලියාපදිංචි වන කුලී ත්‍රිරෝද රථ සඳහා හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගන්නා බව ද එම ලියාපදිංචි කටයුතු උප ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලවලදී සිදුවන බවද ඔහු සඳහන් කළේ ය. මෙම ක‍්‍රියාවලිය සඳහා වසර කිහිපයකට ප‍්‍රථම රජයේ අවධානය යොමු වී තිබුණද කිසිදු රජයක් මෙයට අවශ්‍යය ප‍්‍රායෝගික කටයුතු යොමු කර නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය.

පළාත් ප‍්‍රවාහන අමාත්‍ය ලලිත් වනිගරත්න මහතා විසින් මෙම වැඩසටහන ආරම්භකර ඇති අතර ඔවුන්ගේ කර්මාන්තය සුරක්ෂිත කිරීම රජයේ අරමුණු බව ඒ මහතා සඳහන් කළේය. මේ මගින් මගී ජනතාවට මෙම ත‍්‍රීරෝද කර්මාන්තය කෙරෙහි විශ්වාසනීය භාවයක් ඇති වන බව එම අධිකාරිය පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad