දීඝවාපිය නාහිමියන්ගේ අවසන් කටයුතු 16දා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

දීඝවාපිය නාහිමියන්ගේ අවසන් කටයුතු 16දා (PHOTOS)

දීඝවාපිය නාහිමියන්ගේ අවසන් කටයුතු 16දා (PHOTOS)අපවත් වී වදාළ දිඝවාපී පුරාණ රජමහා විහාරාධිපති නන්නපුරාවේ බුද්ධරක්ඛිත නා හිමියන්ගේ අවසන් කටයුතු එළඹෙන බ‍්‍රහස්පතින්දා (16) සවස 2.00 ට දිඝවාපිය පුරාණ රජමහාවිහාරයේ දී සිදු කිරිමට ආදාහන කමිටුව තිරණය කර තිබේ.

ඒ අනුව උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එදින සවස 2.00 පැවැත්වෙන බැවින් ගිහි පැවිදි සියලු දෙනාටම මෙම අවස්ථාවට සහභාගි වෙන ලෙසට විහාරවාසි මහඔය සෝභිත හිමියන් ඉල්ලීමක් කරයි.‍ අපවත් වී වදාළ දීඝවාපි රජමහා විහාරාධිපති පූජ්‍ය නන්නපුරාවේ බුද්ධරක්ඛිත හිමියන්ගේ දේහය ඊයේ (13) අම්පාරේ සිට රථ පෙරහැරකින් දීඝවාපි රජ මහා විහාරයට වැඩම කරවනු ලැබීය.
උන්වහන්සේගේ දේහයට ගෞරව දැක්වීමට මග දෙපස සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව රැස්ව සිටි අතර, දීඝවාපි පාසලේ ගුරු මණ්ඩලය හා සිසු සිසුවියන් දේහයට මල් ඉසිමින් ගෞරව දැක්වීය.
ඡායාරූප පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad