නව ව්‍යවස්ථාව ගැන උතුරේ විද්වතුන් සමඟ එකඟතාවයකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

නව ව්‍යවස්ථාව ගැන උතුරේ විද්වතුන් සමඟ එකඟතාවයකට

නව ව්‍යවස්ථාව ගැන උතුරේ විද්වතුන් සමඟ එකඟතාවයකට
ඒකීය රාජ්‍යයක්, ෆෙඩරල් පාලනයක් යන වචනවලම එල්ලෙමින් කටයුතු නොකොට ඉතා ශක්තිමත් ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට සියලු දෙනාම දායක වන ලෙස තමා කළ ඉල්ලීමට උතුරේ බොහෝ දෙමළ පිරිසක් එකඟතාවය දැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකළේ පසුගිය 12වෙනිදා නව ව්‍යවස්ථා සංශෝ්ධනය වියයුතු ආකාරය පිළිබඳව දෙමළ දේශපාලනඥයින් පිරිසක් හා විද්වතුන් පිරිසක් දැනුවත් කරමින් පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුවය.

කෙසේවුවත් මෙම සාකච්ඡාවේ දී රජය විසින් සිදු කිරීමට යන නව ව්‍යවස්ථා සංශෝධනය රටේ වත්මන් තත්ත්වයට හා පරිසරයට ගැලපෙන අන්දමින් සිදුවියයුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති මහතා කළ ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කර තිබේ.

එයට විරෝධය දක්වමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කොට ඇත්තේ රටේ ව්‍යවස්ථාව සංශෝධනය විය යුත්තේ රටේ අවශ්‍යතාවය මත මිස පරිසරය හෝ තත්ත්වට ගැන සැලකීමකින් නොවන බවයි.

තවද පරිසරය යනුවෙන් මේ අවස්ථාවේ දී බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ එල්. ටී. ටී. ඊ සංවිධානය යළි හිස ඔසවා ක්‍රියා කරණු ඇතැයි යන බිය හා සැකය මිස වෙනත් තත්ත්වයක් නොවන බව ද ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ.

ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කොට සඳහන් කර ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතුකොට ඒකීය රටක් තුළ බලය බෙදාහැරෙන ෆෙඩරල් පාලන ක්‍රමය යන විකල්පය හැරෙන්නට වෙනත් කිසිදු යෝජනාවලියකට දෙමළ ජාතික සන්ධානය හෝ දෙමළ වැසියන් අකමැති බවයි.

ජයම්පති මන්ත්‍රීවරයා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථා සංශෝධනයට උතුරේ විද්වත් දෙමළ පිරිස එකඟතා රාශියකට එළඹි බවත් එහිදී ව්‍යවස්ථාවට එක්කළ යුතු නව මැතිවරණ ක්‍රමය, ළමා හා කාන්තා අයිතිවාසිකම් යනාදී කරුණු ඒ අතර වැදගත්කොට සාකච්ඡාවට ගැනුණු බවත් ය.
දිනසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad